ඇතීනාගේ සලකුණ – Atheenage Salakuna
Original price was: රු1,950.00.රු1,755.00Current price is: රු1,755.00.
පර්සි ජැක්සන් සොයා නව රෝමයට යන ඇනබෙත්ට රෝමවරුන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකි වුවත්, ලියෝගේ අත්වැරදීමක් හේතුවෙන් රෝමවරුන්ගේ කෝපයට ලක්වීමට සිදුවේ. අනාවැකිය අනුව මරණයේ දොරටුව වසා, රෝමය විනාශ කිරීමට සැරසෙන මහී දෙවඟන ගයියා අවදි කරවීමට යෝධයන් දරණ උත්සාහය නතර කිරීමේ අරමුණින් ගවේෂණයක නිරත වන උපදෙවිවරු පිරිසට නොසිතූ විරූ අනතුරුවලට මුහුණ පෑමට සිදුවේ.
මේ අතර යෝධයන් විසින් හෙස්ල්ගේ සොහොයුරු නිකෝ පැහැරගෙන ඇති බව දැන ගැනීමට ලැබේ. නිකෝ බේරාගෙන මරණයේ දොරටු වසා දැමීමට ඇතීනාගේ සළකුණ සොයා රෝමය බලා පිටත්වන පිරිසට බිහිසුණු සතුරන් රැසක් සමඟ සටන් වැදීමට සිදුවෙයි. මේ අතර ඇතීනාගේ ප්රතිමාව සොයා යන ඇනබෙත් සියලු මකුළුවන්ගේ මව වූ ඇක්නි රාක්ෂියට හසුවෙයි.
අනෙක් උපදෙවිවරු නිකෝ බේරාගැනීමට සමත් වුවත් ඇනබෙත් මරණය අබියසට පැමිණ ඇති බව ඔවුන්ට දැනගැනීමට ලැබේ. පර්සි ඇතුළු පිරිස ඇනබෙත් බේරාගැනීමට පිටත් වෙති. එහෙත් ඔවුන්ට එය කළ හැකි වේද? මරණයේ දොරටුව වසා දැමීමට ඔවුන්ට හැකිවේද?
- Author: Melani Amarathunga
- Edition: 2026
- Language: Sinhala
- Publisher: Ashirwada Publisher
General Enquiries
There are no enquiries yet.









