මට සසර තවදුරට ගෙනයන
ඔය තරුණ තරු ඇස්…
එබී දෑසට සෙනෙහෙ අවුලන
කෝපි බෝලැති ඇස්….
අනාදරයේ අඳුරු පැතිකඩ
එළිය කළ රන් රැස්…
ආදරය මුදු සේලයක් කර
මා වටා රැඳි ඇස්…
පාට මල් මිලියනක් පුබුදා
මා පුදුම කළ ඇස්…
ජීවිතය නොකිය වූ පොතකැයි
කියාදුන් ඔය ඇස්…
වසත් මදනල අරන් ආයෙම
මා සොයා ආ ඇස්…
ශීත කාලේ තුරුල්ලට ගෙන
උණුසුමක් දුන් ඇස්…
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.








