[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

Sherlock Holmes – භයානක මිනිසා සහ තවත් ෂර්ලොක් හෝම්ස් කතා

රු990.00

3 X Rs. 330.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 274

  • Author: Chandana Mendis/චන්දන මෙන්ඩිස්
  • Edition: 6th Edition 2020
  • Language: Sinhala
  • Publisher: Sankha Publishers/සංඛ ප්‍රකාශකයෝ
  Ask a Question

“මහාචාර්යතුමා යෙදී සිටියේ බැරෑරුම් කටයුත්තකය. ඔහු නළල රැළි කරගෙන ඒ ගැන වැඩිදුර කල්පනා කළේය. තමා ලෝක ගණිතඥයන්ගේ සමුළුවේදී ද්විපද සමීකරණ පිළිබඳ සිද්ධාන්තය ඉදිරිපත් කළේ සෑහෙන කලකට පෙරදී බව ඔහුට සිහි විය. ඔහු කරුණු සකසමින් සිටියේ එහි තවත් පියවර කිහිපයක් ඉදිරියට තැබීමේ අරමුණෙනි. ඔහුගේ සිතිවිලි වලට බාධා කරමින් ඇති වු ශබ්දයකි. එය ඉතා තියුණු හඬක් නොවේ. එහෙත් මහාචාර්යතුමාගේ කන් ඇසීම ඉතාම හොඳය. ඔහුගේ ශ්‍රවණ ඉන්ද්‍රිය ඉතාම සංවේදීය. එබැවින් සියුම් ශබ්දය පවා ඔහුට ඇසිණි. කාමරයේ දොර තිබුණේ වසා අගුළු දැමූ ගමන්ය. පුටුවෙන් නැගී සිටි මහාචාර්යතුමා දොර වෙත ගියේය.”

“කවුද?” ඔහු ඇසීය.

“මේ මම විගින්ස්. මහාචාර්යතුමා අරින්න දොර ! “

“අගුළ ලිහිල් කොට දොර විවෘත කළ මහාචාර්යතුමා. ගෑස්ලාම්පුවේ එළිය ටිකක් වැඩි කළේය.”

“තමුසෙ මං හිතුවට වඩා කලින් ආවනේ” මහාචාර්යතුමා කීය. ” වැඩ කටයුතු ඔක්කොම හරි ගියාද ?”

“විගින්ස්ට තිබුණේ කෙට්ටු උස සිරුරකි. කපුටු කුඩුවක් මෙන් අවුල් වූ හිසකෙස් තිබූ ඔහුගේ, මුහුණ පුරා වැඩුණු රැවුලකි. ඔහුගේ ඒ පෙනුම නිසා ඕනෑම තැනකදී, වෙළඳ නියෝජිතයෙකු මෙන් පෙනී සිටීමට විගින්ස්ට හැකි විය. ඒ ආකාරයෙන්ම කතාබහ කිරීමට ද දක්ෂතාවයක් ඔහුට තිබුණේය. මහාචාර්යතුමා මේ බව හොඳින් දැන සිටියේය. එවැනි කටයුතු වලදී විගිස් යොදවා, ඒවා සාර්ථකව ඉටුකර ගැනීමට මහාචාර්යතුමා හැමවිටකම සමත් විය.”

“වැඩේ හරියටම හරි මහාචාර්යතුමා ‘ විගින්ස් කීය. ” මං ආචිබෝල්ඩ් ඇන්ඩ්රූස් හමුවෙන්න ගියා. මගේ අවශ්‍යතාවය ගැන මං ඔහුට කිව්වා. ඔහුට අපි ගෙවන්න සූදානම් මුදල ගැන කිව්වාම මිනිහා එක පාරටම කැමැතිවුණා.*

Weight 360 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop