[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

Sherlock Holmes – සමුදුරේ සටන සහ තවත් ෂර්ලොක් හෝම්ස් කතා

රු890.00

3 X Rs. 296.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 239

  • Author: Chandana Mendis/චන්දන මෙන්ඩිස්
  • Edition: 4th Edition 2022
  • Language: Sinhala
  • Publisher: Sankha Publishers/සංඛ ප්‍රකාශකයෝ
  Ask a Question

“අද උදේ ගෝරිං, භාටන් සහ මම කතාබහකට වැටුණා. භාවන් ලොකු උත්සාහයක යෙදුණා, ගෝරිංගෙන් කාරණා දැනගන්නන් ගෝරිංගේ රැකියාව කුමක්ද? ඔහු යුරෝපයට යන්නේ කුමන අරමුණකින්ද? ආදී කරුණු භාටන් වීමසුවා. නමුත් ගෝරිං ඒ පිසි දේකට පිළිතුරු නොදී මඟ හැරියා. ඒ ආකාරයට කාරණා වීමසීම ගැන කේන්ති ගිය ගෝරිං එතැනින් පිටවී ගියා. ඊළඟට තමන්ගේ කුටියට වැදිලා ගෝරිං දොර වසාගත්තා.”

“මේ පුද්ගලයා ගැන අපි දෙන්නගේම හිත්වල දැඩි උනන්දුවක් ඇතිවෙන්නේ ඇයි? ඒ ඔහුගේ සුවිශේෂ පෙනුම නිසාද? නැත්නම් ඔහුගේ හැසිරීමේ අද්භූත බව නිසාද? එහෙමත් නැත්නම් ඔහුගේ ධනවත්කම නිසාද? හාටන් නම් කිව්වේ මේ පුද්ගලයා, රහස් පරික්ෂකයෙකු විය හැකි බවයි. අපරාධකාරයෙක් කොහොම හරි ඉතාලියට පැනගෙන තියෙනවා; ඔහු ලුහුබැඳ යාමේ තමයි මේ ගෝරිං යෙදී ඉන්නේ. මේ ආකාරයට රහසිගතව. අපරාධකාරයා වෙත ළඟා වෙලා. ඔහු බෙල්ල මුලින්ම අල්ලා ගන්න ගෝරිං බලාපොරොත්තු වෙනව ඇති. මට නම් එහෙම දෙයක් හිතෙන්නේ නෑ. හාටන් එවැනි නිගමනයකට ආවෙ කොහොමද කියා මං වීමසුවා.”

“මං සැරයක් දෙකක් දැක්කා ගෝරිං නැව් තට්ටුවේ පාළු තැනකට වෙලා පොතක් කියවූ හැටි. හාටන් කිව්වා. එක දවසක් ඔහුට අමතක වෙලා. ඒ පොත එතැන දාල ගිහින් තිබුණා. මං ඒක පෙරළා බැලුවා. ඒක මුද්‍රිත පොතක් නෙමෙයි. පුවත්පත් වලින් තපාගත් ප්‍රවෘත්ති අලවා හැදූ රැප් පොතක්. එහි ඇතුළත්ව තිබුණේ. පහුගිය අවුරුදු විස්සක පමණ කාලයක්. එක්සත් ජනපදයේ සිදුවුණු මිනිමැරුම් රාශියක් ගැන වාර්තා. ඒකෙ පුදුමය තියන්නේ. ඒ හැම එකක්ම අබිරහස් මිනිමැරුම්, මුදල් මංකොල්ල පෑමකට, පළිගැනීමට හෝ ක්ෂණික කෝපයට සිදුකළ ඒවා නෙමෙයි. ඒවා සිදු කළ අපරාධකාරයින් අල්ලා ගන්නත් පොලීසිය සමත්වෙලා නෑ. මිනීමැරුම් වලට ගොදුරු වී තිබුණේ විවිධ සමාජ තරාතිරම් වල, විවිධ වයස්වල පුද්ගලයින්, පොලීසිය සැක කළා මේවට වගකිව යුත්තේ එකම පුද්ගලයෙක් හෝ එකම කණ්ඩායමක් පියලා. නමුත් ඒ අපරාධකාරයින් තවමත් නිදැල්ලේ!”

Weight 280 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop