[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

තුංමං හංදිය – Thun Man Handiya

Original price was: රු500.00.Current price is: රු450.00.

3 X Rs. 166.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

Out of stock

  Ask a Question

උප්පැන්නේ තියෙන්නේ එහෙමයි. රණතුංග ආරච්චිගේ සිරිසේන. පුර්ෂයා. ඉස්කෝලෙට ආර්.ආර්. සිරිසේන. මුල අකුරුත් එක්ක. එහෙම නොකිව්වොත් කේ.පී. සිරිසේනත් එක්ක මගේ නම පටලැවෙයි. විල්බට් සිංඤෝ ඉන්නවා ද? ඉන්නවා. කේ.පී.සිරිසේන? නෑ. ආර්.ඒ. සිරිසේන? ඉන්නවා. දැන් පටලැවිල්ලක් නැත. පංතියේ ළමයි කේ.පී. සිරිසේනට කේ.පී. කියා කතා කරති. මම සිරිසේන. වැඩිහිටි උදවිය මට කතා කරන්නේ ඩේවිඩ් කියලා. ඩේවිඩ් තමයි ගෙදරට නම. ඩේවිඩ් සිංඤෝ.

ගමේ කාටත් පාහේ නම් දෙකක් ඇත. එකක් උප්පැන්න සහතිකේ තියන නම. අනික මිනිස්සු දාගත්ත නම. මිස්ටගෙ නියම නම රුවිතන්. රුවිතන් එක්තරා කාලයක පෙරකදෝරුවෙකු ළඟ වැඩ කර තිබේ. පෙරකදෝරුවා ඔහුට කතා කළේ මිස්ට රුවිතන් කියලයි. රුවිතන් කෑල්ල පසුව ලොප් විය. දැන් එයාගෙ නම මිස්ටෙ. ජොස්ටින් කාට කතා කරන්නෙත් අයිසෙ කියලයි. අයිසෙ මෙහෙ එනවා. අයිසෙ මම කොළඹ කාල ආපු මිනිහෙක්. අයිසෙ යනවා නං මාත් එන්නං. ඔය විදියට. මේ නිසා මිනිස්සු ජොස්ටින්ට දමාගෙන තියෙන නම අයිසෙ. ඔයාකාරයට නානාප්‍රකාර නම්. නිලමෙ, නිලං, පප්ප, බබා, බේබි, උක්කු.

පුංචි දවස්වල බබාට ලිංග බේදයක් නැත. පොදුවේ කාටත් බබා කියති. බබා ලොකු වූ විට ගැහැණියක් නම් බබා නෝනා වෙයි. පිරිමියෙක් නම් බබා සිංඤෝ වෙයි. බේබි හා උක්කුං ද එසේමය. බේබි නෝනා, බේබි සිංඤෝ, බේබි මහත්තයා, උක්කුං නෝනා, උක්කුං සිංඤෝ, උක්කුං මහත්තය. ගමේදි මොන නමක් කිව්වත් ඉස්කෝලෙදි නම අඬගහන්නෙ නියම නමෙන් කතා කරලයි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop