img
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

up to - 20%

ග්ලැසියරයක ප්‍රේමය – Glasiyarayaka Premaya

කවිය යනු කුමක් දැයි ග්ලැසියරයකින් අසමි

ප්‍රේමය යනු දියව යෑම ම ය. ඇතැමෙක් ප්‍රේමය වෙනුවෙන් දියව යන අතර ඇතැමෙක් ප්‍රේමය විසින් දියකර හැරෙති. ග්ලැසියරයක් වී විසීම ද, ප්‍රේමයේ උණුසුම විදීම ද කිසි ලෙසකින් වත් එකවර කළ හැක්කක් නොවේ. හිරුට පෙම් බැඳි කල හිරුගේ උණුහුමින් දියව යන ග්ලැසියරයක් සයුරට පෙම් බැඳි කල සයුර වෙනුවෙන් දියව යා යුතු ය. කවිය ද එවැන්නකැයි මට සිතේ. සිතෙහි කැටිව ගිය සිතුවිලි දියව කවියක්ව ගලාගෙන යන්නේ එකවෙහි තෙත අතගා බලන එහි සිහිලස විඳින කවරෙකු හෝ කෙරෙහි වූ ප්‍රේමය නිසා විය යුතු ය.

එකී මානව ප්‍රේමයත්, කවියක් නොවූ කවි සිතුවිල්ලත් කවියකුගේ සිතක එකවිට පැවතිය හැකි යැයි මා සිතන්නේ නැත. ප්‍රේමය පලවා හැර එකී සුන්දර සිතිවිල්ල තනිව ම විඳගැනීමට තරම් ආත්මාර්ථකාමී විය යුතු ය. නැතිනම් ප්‍රේමයට ඔහේ ඉන්නට ඉඩහැර සිතිවිල්ලට කවියක්ව ගලා යන්නට ඉඩ හළ යුතු ය. ගලාගෙන ගොස් කවියක සිහිල අයදින තවත් සිතක් සිසිල් කිරීමට ඉඩ දිය යුතු ය. එසේ නම් තමා තුළ රුවාගෙන ලොවෙන් සඟවා තනිව විඳගත හැකිව තිබූ සිතුවිල්ලක් අනෙකා වෙනුවෙන් මුදාහැරීමේ මූලික ම හේතුව ප්‍රේමය විය යුතු ය.

*ප්‍රේමය යනු දියව යෑම ය. කවිය යනු ද දියව යෑම ය. එනම් කවිය යනු අන් කිසිවක් ම නොව, කවිය යනු ප්‍රේමය ය.

Original price was: රු600.00.Current price is: රු480.00.

  • Author: Nuwan Thotawatta
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Santhawa

කවිය යනු කුමක් දැයි ග්ලැසියරයකින් අසමි

ප්‍රේමය යනු දියව යෑම ම ය. ඇතැමෙක් ප්‍රේමය වෙනුවෙන් දියව යන අතර ඇතැමෙක් ප්‍රේමය විසින් දියකර හැරෙති. ග්ලැසියරයක් වී විසීම ද, ප්‍රේමයේ උණුසුම විදීම ද කිසි ලෙසකින් වත් එකවර කළ හැක්කක් නොවේ. හිරුට පෙම් බැඳි කල හිරුගේ උණුහුමින් දියව යන ග්ලැසියරයක් සයුරට පෙම් බැඳි කල සයුර වෙනුවෙන් දියව යා යුතු ය. කවිය ද එවැන්නකැයි මට සිතේ. සිතෙහි කැටිව ගිය සිතුවිලි දියව කවියක්ව ගලාගෙන යන්නේ එකවෙහි තෙත අතගා බලන එහි සිහිලස විඳින කවරෙකු හෝ කෙරෙහි වූ ප්‍රේමය නිසා විය යුතු ය.

එකී මානව ප්‍රේමයත්, කවියක් නොවූ කවි සිතුවිල්ලත් කවියකුගේ සිතක එකවිට පැවතිය හැකි යැයි මා සිතන්නේ නැත. ප්‍රේමය පලවා හැර එකී සුන්දර සිතිවිල්ල තනිව ම විඳගැනීමට තරම් ආත්මාර්ථකාමී විය යුතු ය. නැතිනම් ප්‍රේමයට ඔහේ ඉන්නට ඉඩහැර සිතිවිල්ලට කවියක්ව ගලා යන්නට ඉඩ හළ යුතු ය. ගලාගෙන ගොස් කවියක සිහිල අයදින තවත් සිතක් සිසිල් කිරීමට ඉඩ දිය යුතු ය. එසේ නම් තමා තුළ රුවාගෙන ලොවෙන් සඟවා තනිව විඳගත හැකිව තිබූ සිතුවිල්ලක් අනෙකා වෙනුවෙන් මුදාහැරීමේ මූලික ම හේතුව ප්‍රේමය විය යුතු ය.

*ප්‍රේමය යනු දියව යෑම ය. කවිය යනු ද දියව යෑම ය. එනම් කවිය යනු අන් කිසිවක් ම නොව, කවිය යනු ප්‍රේමය ය.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy