The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

ප්‍රාන – ආදරය සහ නිදහස් වීම – Prana – Adaraya Saha Nidahas Weema

Original price was: රු1,100.00.Current price is: රු880.00.

  • Author: Rasika Jayakodi
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: K books
  Ask a Question

“තමන් තදින් ම ආදරය කරන කවුරුන් හෝ ඉන්නවා නම්, ඒ ආදරය තමන්ට අහිමි වෙයි කියලා බය නම්, කරන්න ඕනෙ හොඳ ම දේ වන්නේ ඔහු හෝ ඇය සමඟ කවදාවත් විවාහ නොවී සිටීම.

මම එහෙම කියන්නේ හේතුවක් ඇතුව.

මිනිසුන්ට වඩා පහසු තමන්ට ළඟින් ම ඉන්න අයට ආදරය කරන්න නෙවෙයි – දුරින් ඉන්න අයට ආදරය කරන්න. ඒක මිනිස් ඉතිහාසය පුරා ම තහවුරු වුණු සත්‍යයක්.

ඒ කියන්නේ, අල්ලපු ගෙදර ඉන්න මනුස්සයාට ආදරය කරනවාට වඩා අපට ලේසියි ඇෆ්ගනිස්තානයේ සහ සිරියාවේ ඉන්න සරණාගතයන්ට ආදරය කරන එක.

තමන් ගේ ළඟ ම ඉන්න කෙනාට ආදරයෙන් සළකනවාට වඩා ලෙහෙසියෙන් ටෙලිනාට්‍යයක, චිත්‍රපටියක, නවකතාවක ඉන්න චරිතයකට ආදරය කරන්න පුළුවන්.

තමන් ගේ ගේ ඇතුළට එන පොඩි පොඩි සතුන් මරන කෙනෙකුට වුණත් යාල හරි විල්පත්තුවේ හරි ඉන්න කොටියෙකුට, අලියෙකුට, උරගයෙකුට ආදරය කරන්න පුළුවන්.

ඒකට හේතුව අපි ඇත්තට ම ආදරය කරන්නේ සැබෑවට ම ඉන්න මනුස්සයෙකුට නොවෙයි ඔහු හෝ ඇය වටේට ගොඩනගපු කිසියම් ෆැන්ටසියකට වීම…”

Reviews

There are no reviews yet.

Be the first to review “ප්‍රාන – ආදරය සහ නිදහස් වීම – Prana – Adaraya Saha Nidahas Weema”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy