2021 ස්වර්ණ පුස්තක සම්මානිත නවකතාව.
“නිතිකා යක්ෂ බැල්මෙන් මා දෙස බලා සිටියා ය. හැම විටම ඇගේ සිත තුළ ජීවත් වූ මදන යකින්නිය මා දෙස බලමින් ඇඟමැලි කඩනු මම අත්දකිමින් සිටියෙමි. ඇගේ දෑස් රතු පැහැයෙන් බැබළිණි. නිතිකා ඇඳ සිටි රතු පැහැති සල්වාර් කමිසයත්,උරයේ පටලවාගෙන සිටි සුදු හා රතු මල් සහිත සාලුවත් ඇගේ අනියම් ප්‍රේමවන්තයා විසින් ඇයට ලඟදි තෑගි දුන් පට පිළී බව බව මම දැන සිටියෙමි. ලේ රත් පැහැ සළුපිළි වලින් විසිරි ගිය රාගයේ ප්‍රභාව ඇගේ දෙනෙත් වල පමණක් නොව දෙකොපුල් වලද, තොල්පෙතිවල ද, නලල් තලයේ ද සලිත වෙමින් තිබිණි.”