පුංචි කාලේ සිටම අලුත් විදිහට සිතා අමුතු දේවල් කරන්නට කැමැති ළමයි ලොකු වුණාම මුළු මහත් ලෝකයම පිනවන නවකතා, කෙටිකතා නිර්මාණය කරති. ගී සිංදු රචනා කරති. සිනමා සිත්තම් නාට්‍ය ආදි කලා කෘති නිර්මාණය කරති. අල්පෙනෙත්තේ සිට පරිගණකය දක්වා ද රෝදයේ සිට රොකට්ටුව දක්වා ද අලුත් අලුත් දේවල් නිර්මාණය කරති. ගැටලුවක් හෝ ප්‍රශ්නයක් මතු වූ විට අමුතු විදියට සිතා අලුත්ම විදියේ විසඳුම් ඉදිරිපත් කරති. මා මේ කතා පොතෙන් කියන්නට යන්නේ අප ඉස්කෝලේ යන කාලේ අපත් එක්ක ඉස්කෝලේ ගිය, අපේ පංතියේ අපත් එක්ක එකට ඉගෙන ගත්, අමුතු විදියට සිතා අමුතු අමුතු වැඩ කළ ළමයෙක් හා ඔහුගේ අමුතු වැඩ ගැන ය. මේ අමුතු ළමයාගේ කතාව කියාගෙන යන අතර මම ඔබට ද අමුතු අමුතු විදිහේ ගැටලු ඉදිරිපත් කරන්නෙමි. මේ නිසා මේ කතා පොත නිකම් නිකම් කතන්දර පොතක් නොවේ. අමුතු විදියේ පොතකි.
General Enquiries
There are no enquiries yet.





