“ඇය තුළ විශාල බලාපොරෙත්තු නොතිබුණේය. ඇයගේ එකම බලාපොරොත්තුව වුයේ ආර්ථික සුරක්ෂිත භාවය ගැන උපාධියක් ලබාගෙන ඇගේ තැන්පත් ජීවිතයට ගැලපෙන පරිදි ජිවත් වීමය. ඇය විවාහ වූ පසු වෛභාවික ජීවිතයේ සතුට යම්තාක් දුරට විඳීමය. ඇගේ බාල සහෝදරිය යස ඉසුරු හොඳින් අත්කරගත හැකි රැකියාවක් කිරීමට වාසනාවන්ත වූවාය. එහෙත් ජීවත් වීමට විවාහයක් කරගැනීමේදී ඇයට ලබා තිබෙන්නේ මුස්පේන්තු දසාවකි. ඊටත් වඩා, විවාහ වන වයස ද පසු කරමින් කාලය ගෙවී යයි. බොහෝම ඉක්මනට ඇයද විවාහයක් කර ගැනීමේ වයසද පසු කරනවා ඇත. දැන් ඇය ගින්සාවේ ලාබ අවන්හලක කැෂියර්වරියක් ලෙස කටයුතු කරන්නීය. අවන්හලේ වේටර්වරිය ඇගේ බාල සහෝදරියගේ වයසේය. ඇය දකින කනකොට තමා තාරුණ්‍යයේ උච්චත්වය පසුකර ඇතැයි සිතේ. ඇය මීට පෙර රැකියාව කළ මේස් මහන පැක්ටරියේ තත්ත්වය මීට වඩා වෙනස්ය. ඇයට නිතරම පැක්ටරිය මතක් වෙයි. එය ජපන් තාලයට මේස් මැහීම ගැන ප්‍රසිද්ධ පැක්ටරියකි. අවාසනාවකට පැක්ටරිය අයිතිකාරයා ගැහැණුන් පස්සේ යන්නට පටන් ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු පැක්ටරිය ගැන නොසැලැකිලිමත් වූ අතර වෙළඳාම බොහෝ සවුත්තු විදිහට පහළ බැස්සේය. ඒත් එක්කම ඔහු මළේය. ඔහුගේ වැන්දඹු භාර්යාව ඥානවන්ත ගැහැණියකි. අලුතෙන් උදා වූ තත්ත්වයට මුහුණ දුන් ඇය පැක්ටරියේ කළමනා කරණය සියතට ගත්තාය.”
General Enquiries
There are no enquiries yet.





