[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

නීතියෙහි ප්‍රායෝගික භාවිතය – Neethiyehi Prayogika Bhavithavitaya

Original price was: රු2,500.00.Current price is: රු2,250.00.

3 X Rs. 833.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 304

  • Author: Manjula Karunarathne
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: කතෘ ප්‍රකාශනයකි
  Ask a Question

දරුවකුගේ මානව අයිතිවාසිකම්.

දුරුවකුගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනරජයේ මහාධිකරණය CHigh Court of the Republic of Sri Lanka) සතු නෛතික වශයෙන් ක්‍රියාත්මක කළ හැකි මානව අයිතිවාසිකම් (Human Rights) සම්බන්ධ අධිකරණ බලය සහ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් පරිපාලන තීරණයක් වශයෙන් දරුවකු පාසලට ඇතුළත් කරවා නොගැනීම සම්බන්ධයෙන් එහි අධිකරණ බලය ක්‍රියාත්මක කරලීම.

ඒ යටතේ එකී කරුණු වලට අදාළව මාගේ අවධානය 2007 අංක 56 දරන සිවිල් හ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 05 වන සහ 57 වන වගන්තීන් වෙත පහත සඳහන් පරිදි යොමු කර සිටිමි.

” නීතියෙහි ප්‍රායෝගික භාවිතය ” නමැති මෙම ග්‍රන්ථයේ කතුවර මංජුල කරුණාරත්න කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි. 1998 වසරේ වාණිජ විෂය ධාරාවෙන් විශ්ව විද්‍යාල වරම් ලැබූ ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනා කරණ හා වාණිජ විද්‍යා පීඨයට මෙන්ම ඊට සමාන්තරව නීති විද්‍යාලයට ඇතුළත් ව 2004 වර්ෂයේ දී උපාධිධාරියෙකු වශයෙන් මෙන්ම නීතිඥවරයෙකු වශයෙන් ස්වකීය අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් සපුරා ගන්නා ලදී. ඉන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුණ සේනාධීර මහතා යටතේ වසර 07 ක කාලයක් නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කොට 2011 වර්ෂයේ අධිකරණ සේවයට බැඳී පානදුර, මාතර, හම්බන්තොට සහ ගම්පහ අධිකරණයන්හි මහේස්ත්‍රාත්වරයෙකු වශයෙන් මෙන්ම දිසා විනිසුරුවරයෙකු වශයෙන් ද සේවය කරන ලද අතර, වර්තමානයේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා වශයෙන් සේවය කරයි.

නීති ප්‍රතිපාදනයන්හි ප්‍රායෝගික භාවිතය පිළිබඳ ව හෙළ බසින් ලියැවී ඇත්තේ ග්‍රන්ථයන් සුළු ප්‍රමාණයක් වන අතර, මා විසින් සැමදා අගයන ලද ඔහුගේ විශ්ලේෂණාත්මක හැකියාවන් න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමට එක්කර කතුවරයා විසින් සම්පාදනය කරන ලද මෙම ග්‍රන්ථය අප සියලු දෙනාට ම බෙහෙවින් ප්‍රයෝජනවත් වනු නොඅනුමානය….

Weight 400 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop