උතුරේ යුද්ධය සහ දකුණේ පාතාලය මැඩලීමේ මුවාවෙන් රට තුළ රාජ්‍ය ත්‍රස්තවාදය ඔඩු දිවූ යුගයේ, මාධ්‍යවේදීන්, විරුද්ධ මත දරන්නන් සුදු වෑන් යොදා අතුරුදන් කර හෝ බියවද්දා ඔවුන්ට කොටි ත්‍රස්තවාදී ලේබලය අලවා ජනතාව මුලා කළ රටක, වරෙක පාතාලයේ ද, ධනපති දේශපාලන බල කඳවුරේ ද, විටෙක වාමාංශික බල කඳවුරේ ද කරක් ගසමින්, පුවත් පත්වල දේශපාලන ලිපි පළ කරමින් ජන මාධ්‍යවේදියෙකුගේ භූමිකාව ද රඟ දැක් වූ දඩබ්බර යෞවනයෙකු, පුතෙකු, සොයුරෙකු හා ප්‍රේමවන්තයෙකු වූ දහම් පමණක් දත් බොහෝ දෑ කාලයේ වැළි තලාව තුළ ගිලී සැඟවී යාමට මත්තෙන් මෙසේ පත් ඉරු මත සටහන් කරමි.
පරිකල්පනයෙන් ඔබ්බට ගිය ගූඪ සමාජ යථාර්ථයක ලොමුදැහැ ගැන්වෙන පෙළගැස්ම මේ ආකාර වේ යැයි ඔබ නිකමට වත් සිතුවාද?