img
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

up to - 20%

දෘෂ්ටිමානයට ඔබ්බෙන් – All The Light We Cannot See

යතුරු සාදන්නෙකුගේ දියණිය වූ මරි-ලෝ ලුලෝං සය හැවිරිදි වියෙහි පටන්ම අන්ධ දැරියකි. ඇයට තම නිවෙසට එන පාර සොයා ගැනීම ඉගෙන ගැනීම සඳහා ඇගේ පියා, පැරීසියේ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ පරිපූර්ණ ක්ෂුද්‍රරූපී ආකෘතියක් ගොඩනඟයි. එහෙත්, හිට්ලර්ගේ නාසි හමුදාව පැරීසිය ආක්‍රමණය කළ අවස්ථාවේ පියා සහ දියණිය නගරයෙන් පිටවී පලායන්නේ භයානක රහසක්ද රැගෙනය.

වෙනේර් ෆෙනින්, ජර්මන් ජාතික අනාථයෙකි. තම පියා ජීවිතක්ෂයට පත් වූ ගල් – අඟුරු පතලේම ශ්‍රමය වැගිරීමට දෛවෝපගතවම ඔහුට නියම වී තිබේ. එහෙත් කැඩුණු රේඩියෝවක සුන්බුන් අහම්බෙන් සොයාගන්නා හේ, එය අලුත්වැඩියා කරන අතර, හදිසියේම ඔහුගේ දිවිය ශක්‍යතාවයකින් බැබළෙන්නට පටන්ගනියි. ඔහුගේ සහජ දක්ෂතාවයන් ඔහුට උසස් හමුදා ඇකඩමියකට ඇතුළුවීමේ වරම දිනා දෙයි.

එහෙත් කෙතරම් කැපකිරීමක් කරනු ලැබුවද ඔහුට තම සිහිනය ලුහුබැඳ යාමට හැකි වේද?

සැතපුම් සිය ගණනක් එපිට, මහා සාගරය අබියස පිහිටි, ප්‍රාකාරයෙන් වටවූ නගරයක, දීර්ඝ කාලයකට පෙර අහිමි වී ගිය කටහඬකට සවන්දෙන වයෝවෘද්ධ මිනිසෙක්, කිසිම දිනෙක සිය නිවෙසින් පිටතට අඩියක් හෝ නොතබමින් නවමු වචන හෙළිදරව් කරගනියි. තවමත් සිද්ධ නොවූ, එහෙත් සිදුවීමට ආසන්නව පවතින අනතුරක් විසින් ඔහුට සදාකාලිකවම නිවෙස තුළට වී ලෝකයෙන් සැඟවී සිටින්නට ඉඩ දෙනු නොලැබෙයි.

යුරෝපය දැඩි ලෙස යුද්ධය විසින් ගිලගනු ලැබුවා වූත්, එම අවාසනාවන්ත වාතාවරණය තුළ අනාවැකි පළකළ නොහැකි අන්දමට ජන ජීවිතය කඩා ඉහිරී ගියා වූත් සමයක, නියමයක් නොමැති සියලුම විෂම දෑට එරෙහිව මිනිසුන් යහපත් දේ කිරීමට උත්සාහ කරනු ලබන්නේ කෙලෙසින් ද යන වග, දෘෂ්ටිමානයට ඔබ්බෙන්’ නවකතාව ප්‍රදීපනය කරයි.

එය ධෛර්යය, පරිත්‍යාගය හා කැප කිරීමෙහි චිත්තාකර්ෂණීය අන්දරයකි. එමෙන්ම නිර්දෝෂීභාවය වෙනුවෙන් ගැයෙනා අතිශය ප්‍රබල ශෝකාලාපයකි.

Original price was: රු2,600.00.Current price is: රු2,080.00.

  • Author: Chandana Gunasekara
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: MusesBooks

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy