[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

අවසන් දේශනය – Awasan Deshanaya

Original price was: රු480.00.Current price is: රු384.00.

3 X Rs. 160.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce


  • Author: Saman Kaluarachchi
  • Edition: 2018
  • Language: Sinhala
  • Publisher: Suriya Publications
  Ask a Question

අවසන් දේශනය The Last Lecture

මහාචාර්යවරුන් බොහෝ දෙනෙකුට ‘අවසන් දේශනය’ නම් වූ සුවිශේෂ කථාව සඳහා ඇරියුම් ලැබෙයි. එහිදී ‘ඔබ මෙතෙක් ඇසුරු කළ සියල්ලන්ගෙන් මෙන්ම ඔබ ආදරය කළ සියලුම දෙයින් සමුගෙන හෙට දිනයේ දී ඔබට මෙලොවින් අතුරුදන් වන්නට සිදු වන්නේ නම් ඊට පෙර ලෝකයාට කියා ගන්නට ඔබට ඇත්තේ කුමක්ද….?’ යන පැනයට පිළිතුරු දිය යුතු වෙයි.

කා නගි මෙලන් (Carnegie Mellon) සරසවියේ පරිගණක මානව අන්තර් සබඳතා (Human Computer Interaction) අංශයේ ප්‍රධානියා මෙන්ම, සම්මානලාභී ගුරුවරයෙකු ද වූ, මහාචාර්ය රැන්ඩ් පෝෂ්ට එම දේශනය සඳහා ආරාධනය ලැබෙන විට එය තම අවසන් දේශනය වනු ඇතැයි සිතන්නට ඔහුට කරුණු නොතිබුණ ද නොසිතූ විරූ ලෙසින් ඒ වන විටත් ඔහු පිළිකා රෝගයට ගොදුරු වී තිබිණ. එහෙත් ‘ඔබේ ළමා වියේ සිහින සැබෑ කර ගැනීම ් මැයෙන් ඔහු විසින් සිදු කරන ලද එම අවසන් දේශනය බැඳී තිබුණේ මරණය හෝ මියයාම ගැන නොවේ. සැබැවින්ම එය බාධක හමුවේ නොසැලී මුහුණ දීම, අනුන්ගේ සිහින සැබෑ කර ගැනීමට ඔවුන් සමත් කිරීම මෙන්ම සෑම මොහොතක්ම අවදියෙන් ගත කිරීම සම්බන්ධ වූවකි. එනම් ඔහුගේ අවසන් දේශනය මුළුමනින්ම බැඳී තිබුණේ ‘ජීවත් වීම’ සම්බන්ධයෙනි.

අද අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා පතළ මේ සුප්‍රකට දේශනයට සමගාමීව ඔහු අතින් ලියැවුණු මෙම කෘතිය හරහා මහාචාර්ය පෝෂ් බුද්ධිමය සංවාදයක් ඔස්සේ හාස්‍යය මෙන්ම භාවමය කම්පනයන් – උද්දීපනය කරන්නේ, සැබෑ ජීවන දර්ශනයක් සංවේදී හදවත් තුළට සමීප කරමිනි. පාඨක සිත් තුළට ප්‍රවේශ වෙමින් ළෙන්ගතුව හදවත් කවුළු විවර කරවන මෙම කෘතිය පරපුරෙන් පරපුරට ඛෙදා හදා ගත හැකි අනර්ඝ කෘතියක් වන්නේ ය.

දිවයින හා ඉරිදා පුවත්පත්හි ප්‍රධාන ප්‍රවෘත්ති කතෘවරයා මෙන්ම නීතිඥයකු ද වූ මෙම කෘතියේ පරිවර්තකයා මේ වන විට කැනඩාවේ පදිංචිව සිටියි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop