” මහ පොළොවෙ පය ගහලා කොල්ලෙක් කුරුට්ටෙක් එක්ක කතා කරලා සෙල්ලං කරලා හිටපු ළමයෙක් නෙමෙයි නේ. අම්මා තාත්තා ඉන්න කාලෙත් ඔහොමයි. ඒ දෙන්නත් දෙන්න දෙපැත්තේ. තුෂ්ණිම්භූත වෙලා වගේ. මේ ළමය මේ අතරෙ තනි වුණා. උදේ ම ඉස්කෝලෙට. හවසට පන්තිය. ඉරිදට දහම් පාසලට. ගෙදර ආවම පොත් මේසෙට. රෑ වුණාම ඇඳට. ඔහොම සත්තු වගේ ළමයි හදනවද? කටේ කිරි සුවඳ යන්ඩත් ඉස්සර පොත් ගුල්ලෙක් කළා නේ. ගමේ කෙනෙක් අඳුන ගන්නේ නෑ. යාළුවෙක් නෑ. සෙල්ලමක් ලෙල්ලමක් නෑ. කතාවක් නෑ. හිනාවක් නෑ. එහෙම ළමයි ගෙවල් වලටත් මූසලයි නේ. පොතක් ගත්තම එතනින් නැගිටින්නේ නෑ. කෑමක් බීමක් ගන්න වෙලාවක් නෑ, ළමයෙක් ඉන්නවා නේ ද කියලා සද්ද බද්දයක් නෑ. ඔය ළමය ලෙඩෙක් කරේ ඔය ළමයගේ ම දෙමාපියෝ.”
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.







