දහ හතර වසරක පමණ කාලයක් තමා ජීවත් වූ අරණේ ගෙදරට ආයුබෝවන් කියන ඈන් ගේ අලුත් නිවහන වනුයේ හුදෙකලා පරිසරයක පිහිටි “සිහින මන්දිරය” යි. ඒ සමගම ඇය පිවිසෙනුයේ අලුත් ලොවකට ය.
“සිහින මන්දිරයේ” ජීවත් වන කාලය තුල දී ඇයට මුණ ගැසෙන කෝර්නේලියා, කැප්ටන් ජිම්, ලෙස්ලි වැනි චරිත ඇගේ ජීවිතයට බලපානුයේ කෙබඳු ආකාරයට ද? ඒ චරිත මගින් කෙරෙනුයේ ඇගේ ජීවිතාවබෝධය හා පරිණත බව ඉදිරියට ගෙන යාමක් ද? නොඑසේ නම් ඇය තව දුරටත් මනෝ ලෝකය වෙත කැඳවාගෙන යාමක් ද? යන ප්රශ්නවලට පිළිතුරු “සිහින මන්දිරය” නවකතාවෙන් ලැබේ.









