ඇය එය තේරුම් ගත් බව දැනී මට දැනුණේ සැහැල්ලුවකි. අනවශ්‍ය මිතුරු හමු ඕනේ නැත. තියෙන ගැටලු වලටත් වඩා තවත් ගැටලු ඕනෑ අවසන් වූ පසු පියවර තැබුවේ අල්මාරිය අසලටයි. රාත්‍රී නිදන ඇඳුමක් නැති බව පමණක් මා සිතට අවධාරණය කර ගත්තාය. දුරකථන ඇමතුම සොයා දෑත් රැඳ වුවද මොහොතකට මට සිහි වූයේ ඔහුවයි. මින් පෙර මීටියෙහි සෝෆාව මට නිදන සහනය විය. එබැවින් රාත්‍රී ඇඳුමක් ඇඳීම නම් වූයේ නැත. නමුදු හදවත ගැහෙන්නේ අසාමාන්‍ය වේගයකිනි. මම හිස පිටුපස හරවා බැලුවේ නිදනා සෝෆාව දෙසයි. මට සුව ගෙන දුන් තමා හෙළූ කඳුළැලි රහසේ සැඟව ගිය සෝෆාවට මා සමු දිය යුතුද? මට සිතුණේම එය ගුණමකු වී මිතුරෙකු අත්හරිනා ලෙසටයි. ඇසෙන්නට වූ පා පියවරත් සමඟම මෙතෙක් වේලා ඇඟිලි තුඩු පහස දරා උන් රෝස පැහැ නිදන ගවුම නැවතත් ඇඳුම් අස්සේම සිර කර තැබුවේ මා කල ක්‍රියාව ඔහුට නොදැනෙන්නටයි.
කුවල්‍ය – Kuvalya
Original price was: රු1,950.00.රු1,560.00Current price is: රු1,560.00.
No of Pages : 520
- Author: Arushika Gunawardhana
- Edition: 2026
- Language: Sinhala
- Publisher: Paramee Publishers
| Weight | 560 g |
|---|
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.










