“සමහර වෙලාවට ඔයා ආකාසෙ දිහාවේ බලනකොට මුක්තා… ඒක අදුරුයි වගේ පෙනෙයි. විශ්වාස කරන්න ඕනේ කාවද කියලා ඔයාට තේරෙන එකක් නෑ. ඔයාට හිතෙයි ඔයාව ඒ අන්දකාරෙන් ගලවගන්න කෙනෙක් ඉඳීද කියලත්. ඒත් මාව විශ්වාස කරන්න, කවදහරි දවසක අපේ අහසත් බැබළෙයි. ඒක බලාපොරොත්තු වලින් පිරිල තියෙයි. ඔයා කවදාවත් ඒ බව අමතක කරන්න එපා. මං කැමති ඔයා බලාපොරොත්තු කඩා කඩා බිඳ නොගන්නවට.”
ඉන්දියාවේ ගණිකා කඳවුරුවල හද කකියවන සංවේගජනක තොරතුරු සහ පාතාල ලෝකයේ තිරස්චීන සිද්ධීන් ඇසුරු කරගත් අනුවේදනීය කතන්දරය.