[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

අම්මා – Amma Maksim Gorkey

Original price was: රු990.00.Current price is: රු891.00.

3 X Rs. 330.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 400

  • Author: Maksim Gorky
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Susara Publishers
  Ask a Question

කම්හලේ නළා හඬ දුමෙන් වැසී ගත් තෙල් ගඳ සහිත අවට වාතය රැව් දෙමින් විනිවිද යයි. හැමදාම උදෑසන කම්කරු ජනපදය තුළ ඒ නළා හඬ පැතිර යම, ඇඳිරි කුඩා ගෙවල් වල සිටින මිනිස්සු බිය ගත් කැරපොත්තන් මෙන් පාරට දිව එති. දිරාපත් මස් පිඬුවලට නිසි විවේකයක් ඉකුත් රැය තුළ දී ලබා දීමට අපොහොසත් වූ ඔවුහු මූසලයන් මෙන් හිමිදිරි පාන්දර, ගුරු පාර ඔස්සේ උස්තාප්ප වලින් වට වූ කම්හල කරා ගමන් කරත්. කම්හල ඔවුන් බලාපොරොත්තු වූයේ උදාසීන ගතියකිනි. කම්හලේ විදුලි පහන් කීපය, අවට අඳුර නැති කිරීම් වස් මලානික ආලෝකයක් ඇති කළේය. කුණු සහිත මඩ ගොඩේ යන්නවුන්ගේ පා ගැටීම් නිසා ‘චර.. චර…’ යන හඬ නැගෙයි. නිදිබර ඔවුන්ගේ ගොරහැඩි හඬ අතරින් පතර ඇසේ. පරුෂ වචන හා දොස් තැබීම් අවට වාතය විනිවිද යන්නේ කෝප වූ විටෙක මෙනි. කම්හල බලා යන මිනිසුන් මුණ ගැසීමට ඉදිරියට එන්නේ වාෂ්ප බලයෙන් ක්‍රියා කරන යන්ත්‍රවල අමිහිරි හඬය. කම්කරු ජනපදය මැද සිට වූ රූස්ස ලී කඳන් මෙන් නැගී සිටි කළු පැහැති දුම් කුලුනු අහස දෙසට එල්ල වූ පහන් කණු සේ ය.

සවස, බැස යන හිරු විඩාපත් වූ කලෙක මෙන් ගෙවල්වල ජනේල වීදුරු මත රත් පැහැති එළියක් ඇති කළේය. මිරිකා ගත් රොඩු විසි කරන්නාක් මෙන් හවස, කම්හල සිය ගල්ගුහා වලින් මිනිසුන් එළියට දමයි. යන්ත්‍රවල තෙල් ගඳ පතුරවමින් නැවත මග දිගේ යන ඔවුන්ගේ මුහුණු දුමින් කළු වී ඇත. බඩගින්න නිසා ඔවුන් දත් විලිස්සන්නාක් මෙනි. දැන් ඔවුන්ගේ කට හඬ ප්‍රාණවත් බවක් පමණක් නොව ප්‍රීතිමත් බවක් ද උසුලයි. දවසේ වැඩ නමැති වද බන්ධනය ඉවර ය. ගෙදර ගිය පසු රෑ කෑම සහ විවේකයකි.

දවස කම්හල විසින් ගිල ගන්නා ලදී. යන්ත්‍ර තමන්ට වුවමනා ශක්තිය මිනිසුන්ගෙන් උකහා ගත්තේය. සටහන් නොතබාම දවස ජීවිතයෙන් වෙන් වී ගියේය. සිය මිනී වළ කරා මිනිසා තවත් අඩියක් ඉදිරියට තැබුවේය.

Weight 520 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop