[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

අයිස් හන්ට් – Ice Hunt

Original price was: රු2,400.00.Current price is: රු2,160.00.

3 X Rs. 800.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 597

  • Author: Manjula Dissanayake
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Muses
  Ask a Question

පෘථිවියේ උත්තර ධ්‍රැවයේ අයිස් වැස්ම තුළ වැළලුණු, අමෙරිකා එක්සත් ජනපදය මෙන් දෙගුණයක් තරම් විශාල පාවෙන අයිස් දූපතක් හාරා කළ රහසිගත විද්‍යාගාරයකි, ග්‍රෙන්ඩල් අයිස් නැවතුම’. සෝවියට් සංගමය සමයේ ව්ලැව්ලැඩ්මීර් පෙට්කොෆ් නමැති විද්‍යාඥයෙක් ජීවිතයත් මරණයත් අතර රැහැන බොඳ කර, සදාකාලික ජීවය අත්කර ගැනීමේ අද්විතීය පරීක්ෂණයක නිරත වෙයි.

එහෙත් මේ විද්‍යාඥයා ඇතුළු සෙසු පිරිස සමඟ හදිසියේ අතුරුදන් වන ග්‍රෙන්ඩල් අයිස් නැවතුම වසර හැත්තෑවකට පසු අහම්බෙන් මෙන් සොයාගනු ලබන්නේ, ‘පෝලා සෙන්ටිනල්’ නම් අමෙරිකානු සබ්මැරීනය විසිනි. එහි දී ඔවුන්ට මේ සැඟවුණු විද්‍යාගාරය තුළ තවමත් ජීවය පවතින යමක් නිරීක්ෂණය වෙයි. මේ අතර තම පියාගේ පරීක්ෂණ ප්‍රතිඵල සියතට ගැනීමට වෙහෙසෙන ව්ලැඩ්මීර් පෙට්කොෆ්ගේ පුත් අද්මිරාල් වික්ටර් පෙට්කොෆ් අයිස් නැවතුම සොයා එයි. තම පියාගේ නිධානය ලබාගෙන, අයිස් නැවතුම ඇතුළු උත්තර ධ්‍රැවය විනාශ කිරීම ඔහුගේ අරමුණයි. අයිස් නැවතුමේ බිත්ති අතර සිරවුණු අබිරහස සොයා එන අමෙරිකානුවන් සහ රුසියානු හමුදාව අතර මාරක සටන ඇරඹෙනුයේ එතැන් සිටයි.

සුපිරි බලවතුන් අතර සිදුවන බල අරගලයේ තීරණාත්මක සටනක් අතරතුර, අඩක් ගිලුණු අයිස් නැවතුම තුළ පවතින බියජනක සත්‍යය හෙළිදරව් කරගැනීමට අමෙරිකානු පිරිස සමත් වෙති. මනුෂ්‍ය සංහතියේම ඉදිරි අනාගතය වෙනස් කළ හැකි මේ සොයාගැනීමත් ඒ සමඟ සිදුවීමට නියමිත මහා විනාශයත් වළකාගැනීමට ඔවුන්ට හැකි වේද? නැතහොත් රාජ්‍යයන් දෙකක බල අරගලය වෙනුවෙන් දිවි පිදීමට ඔවුන්ට සිදුවේද? දඩයම ගොදුර බවටත්, ගොදුර දඩයම බවටත් පත්වෙමින් සිදුවන සටනේ අවසානය කෙසේ සනිටුහන් වේද?

මේ ඒ බියකරු සත්‍යයේ කතාවයි!

Weight 640 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop