ඔහු සාක්කු වල දෑත් ඔබාගෙන උන්නේය.
සුදු කමිසයේ පැත්තක් පමණක් කලිසම මනින් වැටී නිබුනේය.
අකීකරු හිසකෙස් නළල මතට වැටී තිබුනේය.
ඉදින් අසලි පාලමට හේත්තු වී හිස ඇල කර චී ඔහුමදැයි බලන්නට මෙන් දෙනෙන් කුඩා කරගනිද්දී ඔහුට පසුපසින් අහසෙහි ගිණිකෙලි දැල්වුනේ අහසම ආලෝකමත් කරමිනි.
චීවා එතරම් සුන්දරව පෙනෙන්නේ මන්දැයි නොදන්නාමුත් අසලිගේ දෙනෙත් වලට කඳුලු එයි.
සත්සර ඈ අසලට ඇවිද එද්දී ඒ කඳුලු එක දිගටම කම්මුල් තෙමමින් කඩා හැලෙන්නට පටන්ගෙන නිබුනේය.
ඒ ගිනිකෙළි දැල්වෙන අහස යටදී ඔහු ඇයව ළංකරගෙන මෘදුව නළලටත් කඳුලින් තෙමෙන කොපුල් වලටත් හාදු දුන්නේය.