[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ඈන් – 1 අරඹෙ ගෙදර ඈන් – Anne of Green Gables

Original price was: රු1,050.00.Current price is: රු945.00.

3 X Rs. 350.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 351

  • Author: ප්‍රේමසිරි මාහිංගොඩ - Premasiri Maahingoda
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody
  Ask a Question

” ලස්සණ ! ” මරිලා නාසය බරකොට සුසුමක් පිට කළාය. “ඔයාට ලස්සණ ඇඳුම් මහන්න මං මහන්සි වෙන්නේ නෑ නිස්පල දේට මං අනුබල දෙන්නෙ නෑ. ඒක මං ඔයාට කෙළිම්ම කියනව. මේ ඇඳුම්වල ලොවිච්චි නෑ. රැළි නෑ. මේ ග්‍රීස්ම කාලෙ ඔයාට හම්බවෙන්නෙ ඔව්වර තමයි. දුඹුරු පාට ගවුමයි. නිල් පාට ගවුමයි ඔයා ඉස්කෝලෙ යන්න පටංගත්තහම ඉස්කෝලෙට අඳින්න. අල්ලි වැටිව්ව එක ඉරිදා ඉස්කෝලෙට අඳින්න. ඒවා හොඳට, පිරිසිදුවට, ඉරා ගන්නෙ නැතුව පරිස්සං කරගන්න ඕනෑ. ඇඟටත් මදි තරමෙ ලාබ කසිකබල් ඇඳුම් ඇද ඇඳ හිටපු ඔයා වෙන මොන ඇඳුමක් ලැබුණත් ඒ ගැන කෙළෙහි ගුණේ තියෙන්න ඕනෑ කියලයි මගෙ නං කල්පනාව ‘

” මං ඔයාට කෘතඥ වෙනවා ” ඈන් කීවාය. ” මෙයි එකක් හර බෝරිච්චි අත් දාලා මහල තිබුණ නං මං ඔයාට ඊටත් වඩා කෘතඥ වෙනවා. දං මෝස්තරේ බෝරිච්චි අත් තමයි. බෝරිච්චි අත් දාපු ගවුමක් ඇන්දහම මොන තරං ආස්වාදයක්ද? ”

” ඔයාට ඒ ආස්වාදෙ අත්අරින්න වෙනවා. බෝරිච්චි අත්වලට නාස්ති කරන්න තර මා ළඟ රෙදි තිබුණෙ නෑ. ඒවයෙ තියෙන්නේ මහා විකාර පෙනුමක් වාං ඇඳුම ඊට හොඳයි “

” අනිත් හැමෝම ඒ විකාර පෙනුම තියෙන ඇඳුම් අදිද්දි මං විතරක් වාමෙට අඳින්නෙ නැතුව ඒ විකාර ඇඳුමම අඳින්න මාත් කැමතියි ” ඈන් කීවේ ශෝකාකූල ස්වරයෙනි

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop