[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

sherlock holmes – ඊජිප්තු ශාපය

රු950.00

3 X Rs. 316.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 246

  • Author: Chandana Mendis/චන්දන මෙන්ඩිස්
  • Language: Sinhala
  • Publisher: Sankha Publishers/සංඛ ප්‍රකාශකයෝ
  Ask a Question

“එය තමා අර මහාචාර්ය විලියම්ස් එංගලන්තයේදී හොරුන්ගේ ප්‍රහාරයකට ලක්වීම. සොහොන්වල කැණීම් කර. වටිනා මුතුමැණික් රත්රන් සොයාගත් බව ආරංචි වුණාම. ඒවා මංකොල්ලකෑම ප්‍රහාර එල්ල කිරිම, ඊජිප්තුවෙදි සිදුවුණා නම් ඒක පුදුමයක් නොවෙයි. ඒ මොකද එහේ ඒවටම සූදානම් වුණු හොර කල්ලි ඉන්නවා. නවීන ආයුධ වලින් සන්නද්ධවුණු මේ හොරු බොහොම දෙනෙක්, ඊජිප්තුවෙන් සහ ඒ අවට අරාබි රටවලින් බිහිවුණු. මිනීමරු අරාබිකාරයො. යුරෝපයේ උපත ලැබූ සුදු ජාතිකයනුත් මොවුන් අතර නැතිවා නොවෙයි.”

“නමුත් මේ වගේ අපරාධයක් මීට පෙර කවදාවත් එංගලන්තයේදි සිදුවුණේ නෑ. දැන් ඒකත් පටන් අරගෙන වගෙයි. ඔය වගේ ප්‍රහාරයක් ෆර්ගසන් සාමිට එල්ල වුණා නම්. මං එව්වර පුදුම වෙන්නෙ නෑ. ඒ මොකද මේ ගවේෂණයට මුදල් යෙදෙව්වේ ඔහු, සොයාගත් ඒව විකුණල විශාල මුදලක් උපයා ගත්තෙත් ඔහු. මුතු මැණික් රත්රන් තවමත් ඉතිරිව තිබෙනවා නම්. ඒව තිබෙන්නෙත් ඔහු ළඟ. හෝම්ස් මහත්මයා, පුරාවිද්‍යාඥයන් වන අප ළඟ අන්තිමට ඉතිරි වෙන්නෙ මොනවද? රූපාක්ෂර ලියූ බදාම කැබලි, මිනී ඇටකටු; එවැනි දේ මිස රත්රන් සහ මුතුමැණික් නොවෙයි.”

“එහෙම නම් කවදාවත් නොවුණු විධියට මහාචාර්යතුමාට. සරසවි උද්‍යානයේදී ප්‍රහාරයක් එල්ල වුණේ ඇයි ?”

“මහා ධන නිධානයක් හමුවුණු ආරංචිය පුවත්පත් මඟින් ලෝකය පුරා පැතිරුණා ඇය කීවාය. ඇමරිකාවේ හා ප්‍රංශයේ පුරාවිද්‍යාඥයන්, කෞතුකාගාර වලින්, සහ පෞද්ගලිකව රුසියාවෙන්. මේව මිලට ගන්න ධනවතුන් එංගලන්තයට ඇවිත් ෆර්ගසන් සාමි සමඟ සාකච්ඡා කළ බවත් ආරංචි වුණා. ඒ කියන්නේ විශාල ධනස්කන්ධයක් ඔවුන් වෙත ඇදී එන බව රහසක් නොවෙයි. එතකොට හොරුන් හිතන්න ඇත්තේ මොකක්ද? විශ්ව විද්‍යාලයේ පර්යේෂණාගාරයට වෙලා, පර්යේෂණ කරලා රෑ ගෙදර යන මහාචාර්යතුමාගෙ සාක්කුත්, රත්තරන් පවුම් මුතු මැණික් වලින් පිරිලා ඇති කියලයි.”

Weight 320 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop