සිද්ධි අධ්‍යයනය හෙවත් ප්රත්යෙක අධ්‍යයනය නම් ශිල්පී ක්‍රමය නොයෙකුත් ක්ෂේත්‍ර වල නොයෙකුත් අරමුණු ඉටුකර ගැනීම සඳහා උපයෝගි කර ගනියි. විශේෂයෙන්ම කළමනා කරණය සම්බන්ධ ඉගැන්වීම් හෙවත් පුහුණු කිරීමේ මාධ්‍යයක් වශයෙන් ද පර්යේෂණ ශිල්පී ක්‍රමයක් ලෙසද භාවිතා වන මෙම ශිල්පී ක්‍රමය, තෝරා ගැනීමේ විභාග වලදී පරීක්ෂණ ක්‍රමයක් වශයෙන් ද භාවිතා වන ආකාරය පිළිබඳ න්‍යායාත්මක දැනුම හා ව්‍යවහාරයන් පිළිබඳ අවබෝධිය සඳහා මෙම කෘතිය සම්පාදනය කර ඇත.
සමරසිංහ ගුණසේකර ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානීය, පිලිපීනය හා තායිලන්තය යන රටවල දී කළමනාකරණ සහ පරිපාලනය පිළිබඳ පාඨමාලා හැදෑරීමෙන් ද, වෘත්තීය පුහුණුකරුවෙකු හා අධ්‍යාපන පරිපාලන සේවය පිළිබඳ පුහුණු වැඩසටහන් වල සමායෝජකයකු වශයෙන් කටයුතු කිරීමෙන් ද අත්කරගත් දැනීම් හා අත්දැකීම් මෙම ග්‍රන්ථය සම්පාදනය සඳහා පාදක වී තිබේ