The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

sherlock holmes – ගින්දර සමඟ සෙල්ලම්

රු890.00

No of Pages : 240

  • Author: Chandana Mendis/චන්දන මෙන්ඩිස්
  • Edition: 7th Edition 2024
  • Language: Sinhala
  • Publisher: Sankha Publishers/සංඛ ප්‍රකාශකයෝ
  Ask a Question

“ඇය ගෑස් පහනේ එළියෙන් සඟරාවක් කියවමින් හිටියා. ඇය ගිනි උඳුන පැත්තට පිටුපස්ස හරවා ගෙනයි සිටියේ. මං පුරුදු විදියට දොරවල් දෙකම යතුරු දමාගෙන එළියට ගියා. පත්‍රය අරගෙන ආපහු එන්න මට මිනිත්තු දහයක් ගතවෙන්න ඇති. මං එනකොට මගිල්වී මහත්මයා පිටත දොර ළඟ හිටියා. ඔහු සීනුව නාද කරමින් හිටියේ. දොරවල් යතුරු දැමු ගමන් තමන්ට ශබ්දයක් ඇහුණු බව ඔහු කිව්වා. මං හෝදලා වේළෙන්න ඇඳුම් එල්ලන්නේ සඳළු තලයේ. මං කිව්වා ශබ්දය එන්න ඇත්තේ. ඇඳුම් රාක්කය සුළං පාරට බිම වැටීම නිසා වෙන්න ඇති කියලා, පසුව දොරවල් යතුරු වලින් ඇරගෙන අපි දෙන්නාම ගෙට ඇතුළු වුණා. එතකොට තමයි එතකොට තමයි නාදුනන කෙනෙක්, අමතර නිදන කාමරයේ ඉඳලා සාලයට ආවේ. මං පිටවෙලා යද්දි ඒකෙ ගෑස් ලාම්පුව නිවා දමලා ගිය බව මට හොඳට මතකයි. නමුත් මේ වෙලාවේ ඒක දල්වා තිබුණා. ආපු එක්කෙනාගේ මුහුණ මං හරි හැටි දුටුවේ නැහැ. මං හිතුවේ ස්මිත් මහත්මිය හමුවෙන්න ආ නෑදෑ කෙනෙකු වෙන්න ඇති කියලයි. ඔහු අප පහු කරගෙන තරප්පු පෙළ දිහාවට ගියා. ඊට පස්සේ මං සඳළු තලයට දිව්වේ ඇඳුම් සුළඟට වැටිලා ද බලන්න. නමුත් ඒවා එහෙමම තිබුණා. ආපහු ආවත් අපේ නෝනා පෙනෙන්න හිටියේ නැහැ. එතකොට ඔගිවී මහත්තයා කෑ ගැහුවා “කෝ නෝනා ? කියල එතකොටයි මං දුටුවේ. ඇය විසිත්ත කාමරයේ (සාලයේ) මේසය ළඟ. ලේ විලක් මැද බිම වැටී ඇති බව.”

“හොරා කවුරු වුණත් ඇගේ වටිනා ආභරණ රැගෙන ගොස් නැහැ. එකක් හැරෙන්න ? හෝම්ස් විමසුවේය.”

“ඔව් සේවිකාව කීවාය. “කොයි වෙලාවක හරි හොරු ගෙදරට කඩා පැනල. වටිනා දියමන්ති ආභරණ පැහැර ගනිවී කියල. ඇගේ හිතේ බයක් තිබුණා. ඒ නිසාමයි ඇතුළු දොරට අඟුළු දෙකක් සවි කරවා ගත්තේ. ඇය ගෙදර හිටියා වුණත්. සමහරදාට හොඳින් හැඳගෙන. ආභරණ ඔක්කොම වගේ පැළඳ ගන්නවා. දියමන්ති මාලයක් සහ කළු මුතු මාලයක් තිබෙනවා. ඒ දෙකම දමා ගන්නවා. දියමන්ති සවිකළ කරාබු කුට්ටම හෝ රතු කැට කරාබු දමා ගන්නවා. පෙන්ඩන්ට්, වළලු දමා ගෙන කොණ්ඩය ඉදිරිපසින් ටියරාව දමා ගන්නවා. මේ ඔක්කොම නොයෙක් වර්ණවල මැණික් සහ දියමන්ති ඇල්ලූ රත්රන් අබරණ.”

Weight 280 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy