මන්දාරම් අඳුරට පෙම් බඳිනා
පහන් වැටිය විලසේ
හිරු රැස් දහරට ආල වඩන මං
බිනර මලකි පොළවේ
දිය මත පිහිනා රැලි හැඩ ගන්වන
විලත් අහිමි විලසේ
කිසිත් නොදැන ඔබ අහිමිව යනු ඇත
නොලැබ පෙමක පහසේ
සමනල කන්දේ පාමුල හිඳගෙන
සුසුම් හෙළමි මෙලෙසේ
දුරයි තනිව නැග යන්නට බැහැ
මට මේ ගිරි දඹ කිසිසේ
අරුන්දතී තරු කැකුළකි නුඹ මට
සැනසුම ගෙනෙන හිතේ
ඔය අත් අල්ලන් බෝ දුර යන්නට
සිහින මවමි මෙලෙසේ