මා ඔබට කියන්නට යන මේ කතාව හැබෑවටම සිදු වූ ඇත්තම ඇත්ත කතාවකි. මේ කතාව සිදුවන කාලයේ මම අවුරුදු දහයක කුඩා ළදැරියකව සිටියෙමි. දැන් මම, මාගේම දරුවන් ද මාගේ දරුවන්ගේ දරුවන් හෙවත් මුනුබුරන් හා මිනිබිරියන් සිටින වයසක ආත්තම්මා කෙනෙක් වෙමි. දැන් වයස්ගතව සිටියත් මට පුංචි කාලයේ විතරක් නොව ඊයේ පෙරේදා සිදු වූ බොහෝ දේවල් ද අමතකය. ඒ වුනත් බොහෝ කාලයකට ඉස්සර සිදු වූ ඔබට කියන්නට යන මේ කතාව මට දැනුත් අද වාගේ මතකය. මා පුංචි කාලයේ, අපි, ඒ කියන්නේ මමත් මාගේ අම්මා හා තාත්තාත්, මාගේ පුංචි මල්ලීත් මුහුදු වෙරළට කිට්ටුව පිහිටි හරිම ලස්සන පුංචි නගරයක. තට්ටු ගෙදරක වාසය කළෙමු. අප පදිංචිව සිටි තට්ටු ගෙදර මුහුදේ හෝ ගාන සද්දය ඇසෙන තරම් මුහුදට ළඟින් පිහිටා තිබුණි. තට්ටු ගෙය පිහිටා තිබුණේ විශාල වත්තකය. එම වත්තේ අපේ ගෙදර වාගේ තට්ටු දෙකේ ගෙවල් රාශියක් තිබුණු බව මට මතකය.
General Enquiries
There are no enquiries yet.





