The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

නාගසාරා – Nagasara

Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

  • Author: Kernal M. Perera
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Fast Publishers
  Ask a Question

අඳුරු කැලෑව තුළ පඳුරකට මුවා වූ සේදිරිස් සිටියේ ගැහෙමිනි. ළඟ ළඟ අතු බිඳෙන හැටිත්, කනප්පුවා බෙරිහන් දෙන හැටිත්, ඔහුට පැහැදිලිව ඇසේ. ඔහු තවදුරටත් නිසොල්මනේ සැඟවෙන්නට උත්සාහ කළේය. මොහොතකට කනප්පුවා බැනිල්ල නතර කළේය. එහෙත් ඔහු අඩි තබන ශබ්දයත් අතු බිදෙන ශබ්දයත් සේදිරිස්ට ළඟින්, ළඟින්ම ඇසෙන්නට විය. ඉන් සුළු වේලාවකට පසුව ඩිග්….. ඩිග්…. යන ශබ්දයත්, කවුරුන් හෝ පහරකා ඇද වැටෙන අයුරුත් ඒ ළඟ පාත සිටි සේදිරිස්ට හොදින් ඇසුණි. එහෙත් බියෙන් ගැහෙමින් සිටි ඔහු දිගාවී සිටි තැනින් නැගිට්ටේ නැත.
“එළියට වරං… සේදිරිස් අයියේ… එළියට වරෙන්…. උඹ කොහෙද….?”

ඉතා ළඟින් ඇසෙන්නේ රූබන්ගේ කට හඬය. බිම දිගාවී සිටි සේදිරිස් බියෙන් බියෙන් ඉහළට එසවී බැලීය. දැන්නම් කතා කරන්නේ රූබන් බවට සැකයක් නැත. මොහොතක් නිසොල්මනේ සිටි ඔහු නැවතත් රූබන්ගේ කෑ ගැසිල්ල අසා සෙමින් සෙමින් තරමක් ඉදිරියට ගියේය. ඒ සමඟම ඔහු දුටුවේ බිම වැටී සිටින කනප්පුවාය. ඔහුගේ තුවක්කුවත් ඒ අසලම විය. සැඟවී සිටි රූබන් පසුපසින් පැමිණ කනප්පුරාලගේ හිසට එල්ල කළ පොලු පහරින් ඔහු සිහිසුන්ව බිම ඇද වැටී තිබුණි.

“ඒකා ඉවරයි… කනප්පු රාල ආයේ එන්නෙ නෑ… යමු යන්ට…”

රූබන් සේදිරිස්ට සැරෙන් මෙන් කීවේය. සේදිරිස් තවත් බිය විය.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy