The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

sherlock holmes – ප්‍රදීපාගාරයේ වික්‍රමය

රු890.00

No of Pages : 268

  • Author: Chandana Mendis/චන්දන මෙන්ඩිස්
  • Language: Sinhala
  • Publisher: Sankha Publishers/සංඛ ප්‍රකාශකයෝ
  Ask a Question

” තවත් බොහොම ස්වල්පයයි ” මයික්‍රොෆ්ට් කීය. ” මං ඔබට කලිනුත් කිව්වා වගේ, ඒ මිනිහාගේ හැසිරීමේ කොහොමටත් සියෙන්නේ හරිම අසාමාන්‍ය බවත්, ඔහු අනෙක් හැමදෙනාගේ ම ආශ්‍රයෙන් වෙන් වෙලා, තනියම ජීවිතය ගත කරන කෙනෙක්. ඒ වුණත් පහුගිය ගිම්හාන ඍතුවේදී, ඔහුගේ හැසිරීම් රටාවේ වෙනසක් ඇතිවුණා. ඔහු තමන් රැකියාව කරන චුලිව් හි පර්යේෂණාගාරයෙන් මාසයක නිවාඩුවක් ඉල්ලුවා. ඔහුට ඒක ලැබුණා. ඒකෙදී ඔහු ගියේ ප්‍රංශයට. කැලිස්ටර් ගැන මං තොරතුරු එක්රැස් කරද්දි, ජෙරිස් මට මෙන්න මේ කරුණත් කිව්වා.”

“ජෙෆ්රිස්ට ඉන්නවා කුඩා දියණියක්. ඇය විනෝදාංශය ලෙස පින්තූර තැපැල්පත් එකතු කරනවා. ප්‍රංශයට ගිය කැලිස්ටර්, ඔහු ගිය හැම නගරයකින්ම අර දැරිය වෙත පින්තූර තැපැල්පත් එවා තියෙනවා මං ඒ නගරවල නම් ලියාගත්තා, ෂර්ලොක් ඔබට උවමනා නම්, මට පුළුවනි කැලිස්ටර්ගේ ලිපිගොනුව අද භවසම බේකර් විදියට එවන්න.”

” කරුණාකර ඒක එවන්න මයික්‍රොෆ්ට්. එකම පිළිවෙළකට, එකම රටාවකට ජීවිතය ගත කරන කෙනෙක්. හදිසියේම ඒකෙ වෙනසක් කළාම……”

“………ඔව්.. ඒක සැකයට කරුණක් මයික්‍රොෆ්ට එකඟ විය. එහෙනම් ෂර්ලොක් මට හිතා ගන්න තියෙන්නේ. මේ ප්‍රදීපාගාරයේ අභිරහස විසඳීම. ඔබ භාරගන්න කැමැති බව. එහෙම නේද? ඊයේ මට වාර්තාවක් ලැබුණා. “මාගරිටා ” යාත්‍රාව ගැන. අපේ ඔත්තුකරුවන් නිරීක්ෂණය කරල තිබුණා, ඒ බෝට්ටුව අයර්ලන්තයට සමීප මුහුදේ මාව අල්ලන බව. ඒ කියන්නේ සිකුරු, වෙද්දී ඔවුන් ආයෙමත්, පෙන්හිඩ් බොක්කට ඇවිත් නැංගුරම් දමා වී. ඔබ දන්නව තේ ෂර්ලොක් ඕව ගැන හොයා බලන්න යන්න තරම්, මට විවේකයක් නෑ. ඊටත් වඩා කඳු නගින්……….පල්ලම් බහිමින්, මුහුදු වෙරළෙයි. ගල්වයි ඇවිදින්න වෙන එක. ඊට අමතරව විදේශ වෙළඳ දත තණ්ඩායමක් ඇවිත් ඉන්නවා. ඔවුන් සමග සාකච්ඡාවකට යන්නත් මට සිදුවෙලා තියෙනවා.”

Weight 360 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy