[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ප්‍රේමයේ මිහිදන් මතින් – Premeye Mihidan Mathin

Original price was: රු2,500.00.Current price is: රු2,250.00.

3 X Rs. 833.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 622

  • Author: අනිලා සේනානායක - Anila Senanayake
  • Edition: 2026
  • Language: Sinhala
  • Publisher: Author Publication
  Ask a Question

තද දුඹුරැ පැහැති දැව පෙට්ටියේ පියන් සෙමි සෙමින් වැසී ගියේය. සුසාන භූමිය පුරාම මහා අදෝනා හඬවල් ඇසුණි. ඉදින් කිසි දිනෙක යළි හමු නොවන ලෙසට ඔහු අවසන් ගමන් යන්නට සූදානමින් ය. මේ දිවියේ නැවත කිසි දිනෙක ඔහු හමු නොවන බව දැනෙන විට, හැඟෙන විට හදවත පුපුරා යන්නට තරම් දුකක් වේදනාවක් දැනුණේය. ඔහු නිදා සිටි දැව පෙට්ටිය සෙමි සෙමින් පොළව තුළට බස්සමින් සිටියේය. මම දෑස් තද කොට පියා ගත්තෙමි. එක කඳුළු බිඳක් මා දෙනෙතේ නොවීය. දෑස් පිළිබඳ විසල් වෛරයක් මා සිත තුළම දලුලන විට රිදෙන තරමටම මම දෑස් පොඩි කරගත්තෙමි.

මම ආපසු හැරැණෙමි, ඔහු පොළොව තුළ මිහිදන් වනු මට තවත් බලා සිටිය නොහැකි තැන මම අනෙක් පස හැරුණෙමි. පෙර කී කාන්තාවගේ දෑත් රැහැනෙන් මිදී පිරිස අතරින් විරුද්ධ දෙසට වේගයෙන් පියවර තැබුවෙමි. ඉදින් ආදිත්‍ය නුගේරා මා ප්‍රථම ප්‍රේමය යළිත් නොඑන්නටම අවසන් ගමන් ගියේය. නැවත කිසි දිනෙක හමු නොවන ලෙසට මගෙන් වෙන් වූයේය. “මගෙ බෝනික්කි” යන ආදරණීය හඬ යළිදු කිසි දෙනෙක මා සවනත නොවැකෙනු ඇත. දුඹුරැ දෑසින් බලනා එක් ආදරණීය බැල්මක්වත් මා දෙසට නැවත නොවැටෙනු ඇත. වයසට යන තෙක් මා සමීපයේ රැඳෙන බවට පොරොන්දු දුන් ඔහු ජීවිතය අතරමඟින් මා දමා යන්නේය.

අනේ… ඒ දුඹුරැ දෑස් යළි කිසි දිනෙක නැවත දකින්නට නොලැබෙන බව දැනෙන විට ඇති වන්නේ මරණීය වේදනාවකි. පපුව හිර කරන්නේය. හිස කැරකෙන්නේය. අවසන් සුසුම් පොද මේ භූමිය තුළම පිට වෙතැයි සිතන තරමටම මම ඇතුළතින් පුපුරා යමින් සිටියෙමි. තවත් දැරිය නොහැකි තැන මම හිස දෑතින්ම බදාගත්තෙමි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop