ඔවුනු තමා යක්ෂයා ලෙස නංවඩු ගැසුවෝය.
ද්රෝනියෙකු ලෙස නම් කර පිටුවහල් කළෝය.
අයෙක් නොදන්නා දැනුමක් බෙදා දීම ඔහු යක්ෂයෙකු වීමට බලපායිද’
හෙතෙම නැවතත් සිතුවේය. තමා කෙරෙන් ඈත් වන්නා වූ ස්වර්ගය දෙස අවසන් වරටත් බැලුවේය.
ද්‍රෝනි වූයේ මා ඔවුනට නොව, ඔවුන් මා හටය. දිනෙක එය කංසිඳෙනු ඇත. ස්වර්ගය බිඳ වැටෙනු ඇත!
තමාම එය සිදු කරනා වග, ඔහු තමාටම ශපථ කරගත්තේය.
ඔහු ද්වාරය තුළ ගිලෙත්ම, ස්වර්ගය ඔහුගේ ඇස් මානයෙන් ගිලිහිණි.