කිසිම යන්ත්‍ර සූත්‍රයක ඝෝෂාවක් අපේ ගමට ඇසුණේ නැත. කඳු සහ කැලෑ වලට වට වී ගම පිහිටි අතර ගමේ සිට තාර පාරට දුර සැතපුම් දෙකකටත් වැඩි විය. තාර පාරේ සිට ගමට බිහිදුණු ගම්සබා පාරේ බරබාගයක්, රේස් කරත්තයක් වැනි දෙයක් ගමන් කළත් ඒවා යන්ත්‍ර හැටියට අපි ගණන් නොගත්තෙමු. ඒ පාරේ යන්ත්‍ර හැටියට දක්නට ලැබුණේ බයිසිකල් පමණකි. කාරෙකක් ආවේද කාලයකට වරකි. එහෙත් මසකට වරක් දෙවරක් මෝටර් බයිසිකලයක් නම් අපේ ගමට ආවේය. ඒ බයිසි කලයෙන් ආවේ හොරැස්ටර මහත්තයා’ සහ ඔහුගේ ගෝලයාය. ගමේ වැඩි දෙනෙකු මෝටර් බයිසිකලයට කීවේ ‘බයිසිමොටෝ එක කියාය.
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.





