“ඒ 1897 වසරේ ශීත ඍතුවේ අවසන් භාගයයි. රාත්‍රිය මුළුල්ලේ පැවැතියේ අධික ශීතලකි. හිම වැටෙන පාන්දර කිසිවෙකු මගේ උරහිසෙන් අල්ලා සොලවනු දැනී මම අවදි වුයෙමි. ඒ මගේ මිත්‍ර හෝස්ය. කුමක් හෝ බරපතල ප්‍රශ්නයක් මතුවී ඇත. මා දෙසට පහත් වී තිබූ ඔහුගේ මුහුණේ මම එය දුටුවෙමි.”
“නැගිටින්න වොට්සන් නැගිටින්න. සෙල්ලම පටන් අරගෙන. ප්‍රශ්න අහන්න වෙලා ගත කරන්න එපා. ඇඳුම් මාරු කරගන්න. අපි වහාම යමු.”
“මිනිත්තු දහයක් ගතවෙද්දී අපි කුලීරියක නැඟි චාරිං ක්‍රොස් දුම්රිය පොළ වෙත ගමන් කරමින් සිටියෙමු. මුළු ලන්ඩන් නගරයම තවමත් ගන අඳුරෙන් වැසී ඇත. නිවසේදී උදේ ආහාරය ගැනීමටවත් අපි ප්‍රමාද නොවුණෙමු. සිසිර ඍතුවේ දැඩි සීතල සුළඟෙන් වැළැකීමට, හෝම්ස් තම ඝනකම් ලෝම කබාය හැඳ ගත්තේය. මම ද ඔහු අනුගමනය කළෙමි.”
“චාරිං ක්‍රොස් දුම්රිය පොළේදී අපි උණුසුම් තේ පානය කළෙමු. දැඩි ශිතල යන්තමින් මග හැරී ගියේය. කෙන්ට් ප්‍රාන්තය කරා දිවෙන දුම්රිය, වේදිකාවේ කෙළවර නවතා තිබිණ. එහි නැගී අසුන් ගැනීමෙනුත් පසුවයි. හෝම්ස් අපේ ගමනේ අරමුණ කුමක්ද කියා පැවසුවේ. සාක්කුවෙන් ලියුම් කැබැල්ලක් එළියට ගත් ඔහු. එය හඬනගා කියෙව්වේය.”