එතකොට මිස් යුහන්සා දන්නවද… මීට අවුරුදු දහයකට කලින් ඔයා හදිසියේම අතුරුදන් උන බව.. ඒ වගේම ඒක තවමත් නොවිසඳුන ගැටලුවක් වෙලා තියන බව…
වසර දහයක්? යුහන්සාගේ සිතට නැගුනේ පුදුමයකි…. ඈ බොහෝ කලක් නින්දේ හා අවදි වෙමින් සිටි බව ඇය දැන උන්නාය…..නමුත් ඒ වසර දහයක් බව කෙසේ විශ්වාස කරන්නද? අතුරුදන් වූයේ කෙසේද? ඒ කුමක් නිසාද සහ අද මෙවන් කාමරයක් තුල සිටින්නේ මන්දැයි ඇයට සිතා ගන්නට නොහැකි වී තිබුනේ සියල්ල පටලැවිල්ලක් මෙන් දැනෙන නිසාමය.
ඒ වගේම…
අපිට දැනගන්න ඕන ඔයාට මොකද උනේ වගේම හදිසියේම ඔයා අතුරුදන් උන තැනට නගර ගානක් දුරින් එක පාරටම මතු වුනේ කොහොම ද කියලා…
Reviews
There are no reviews yet.