[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ලංකාව පෘතුගීසි යුගය – Lankawa Pruthugisi Yugaya

Original price was: රු2,350.00.Current price is: රු2,115.00.

3 X Rs. 783.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 639

  • Author: Abhaya Hewawasam
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sooriya Publishers
  Ask a Question

1505 දී ලංකාවට පාතුගීසීන්ගේ පැමිණීම, වසර දෙදහසක ඉතිහාසයක් ඇති පැරැණි සිංහල රාජධානිය යුරෝපීය බලයකට සෘජුව මුහුණ දෙන පළමු අවස්ථාවයි. 1505 සිට, 1650 දී ඔවුන් ලන්දේසීන් විසින් නෙරපා හරින තුරු පෘතුගීසීහූ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශයේ නොයෙක් කොටස් විවිධ අවස්ථාවලදී තම අණසකට යටත් කරගෙන සිටියහ. බොහෝ රජවරු ද කුමාරවරු මෙන්ම සාමාන්‍ය වැසියෝ ද කිතු දහම වැළඳ ගත් අතර කිතුනු දහමේ ස්ථීර ආභාෂය ඔවුන් විසින් අප රටට දායාද කර දෙන ලදී. ශ්‍රී ලංකාවේ සමාජ ජීවිතය පිළිබඳව ද, සංගීතය, භාෂාව, ඇඳුම් පැළඳුම්, ආහාර සහ වෙනත් දේ පිළිබඳව ද එවැනි බලපෑමක් ඔවුන් විසින් ඇති කරන ලදී.

ශ්‍රී ලංකාවේ වසර 150 ක පමණ වූ මේ පෘතුගීසි පාලන කාලය පිළිබඳව ප්‍රාමාණික ලෙස තොරතුරු වාර්තාගතව ඇත්තේ එකම එක් වතාවක පමණි. ඒ, 1913 වසරේ දී පළමුවරට ප්‍රකාශයට පත් කරන ලද, පෝල් ඊ. පීරිස් මහතා ගේ CEYLON : THE PORTUGUESE ERA නම් ග්‍රන්ථයෙනි. 1874 දී උපත ලැබූ පෝල් ඊ. පීරිස් මහතා දශක හයකට අධික කාලයක් ලංකාවේ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යුගයන් ගැන පර්යේෂණයෙහි යෙදුණු ඒ පිළිබඳ ව දෙස් විදෙස් හි පතළ වටිනා ග්‍රන්ථයන් පළ කළ විද්වතෙකි.

මේ ග්‍රන්ථයෙහි පළමු කාණ්ඩය ලංකාව – පෘතුගීසි යුගය නමින් මෙසේ සිංහල පාඨකයන් අතට පත් වෙයි.

මෙම කෘතිය පරිවර්තනය කරන ලද්දේ, දෙස් විදෙස් ලේඛකයන් විසින් විවිධ විෂයයන් යටතේ ඉංග්‍රීසි බසින් ලියූ කෘතීන් රැසක් සිංහලට පරිවර්තනය කළ, ප්‍රවීණ ඉංග්‍රීසි භාෂා උපදේශකවරයකුව සිටි, නැසී ගිය අභය හේවාවසම් සූරීන් විසිනි.

Weight 640 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop