[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ලක්බිමේ තවත් යුගයක් – Lakbime Thawath Yugayayak

Original price was: රු680.00.Current price is: රු612.00.

3 X Rs. 226.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 417

  • Author: Premachandra Alwis
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sooriya Publishers
  Ask a Question

සුදු හූරා නමින් වැදි ජනතාව අතර සුපතළ ආර්. එල්. ස්පිටල් ‘වන සරණ (SAVAGE SANCTUARY) නිසා සිංහල පාඨකයෝ මැනවින් හඳුනති. 1881 දෙසැම්බර් 9 වැනි දා දකුණේ ගල්ලේදී ජන්ම ලාභය ලත් හෙතෙම,1969 සැප්තැම්බර් 3 වැනිදා කොළඹ ගුවන් විදුලි සංස්ථාව අසල අද විචර්ලි ජාත්‍යන්තර පාසල පිහිටි සිය නිවසේදී ජන්මාන්තරගත විය. වැදි ජනතාවට බෙහෙවින් ආදරය කළ ස්පිටල්, තම අවමඟුල වැදි චාරිත්‍රානුකූලව පවත්වන්නැයි ඉල්ලීමක් කර තිබිණි. දක්ෂ ශල්‍ය වෛද්‍යවරයකු, කවියකු හාසාහිත්‍යධරයකු වූ ඔහු අතින් ලියැවුණු කෘති අතුරින් WHERE THE WHITE SAMBHUR ROAMS ‘සුදු ගෝනා නමින් ද WILD WHITE BOY ‘සුදු වැද්දා’ නමින් ද VANISHED TRAILS මැකී ගිය දඩමං නමින් ද සිංහලයට නැඟී තිබේ.

ලංකාවේ ඉපිද – හැදී – වැඩී – උගෙන මෙහිම ජීවත් වූ බර්ගර් ජාතික ස්පිටල්, මෙරටට දැක්වූ භක්ත්‍යාදරය FAR- OFF THINGS නම් කෘතියෙන් ප්‍රකට වේ. ලෙනාඩ් වුල්ෆ් ගේ GROWING, ලක්බිමේ සත් වසක් යනුවෙන් සිංහලයට නැඟූ ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා FAR- OFF THINGS. ලක්බිමේ තවත් යුගයක් නමින් පරිවර්තනය කිරීමෙන් කළ ශාස්ත්‍ර සංග්‍රහය ප්‍රශස්ත ය.

මෙම කෘතිය ලංකාවේ ඓතිහාසික තොරතුරු ද – ආදි වාසීන්ගේ වතගොත ද – සිද්ධස්ථාන හා සුන්දර ස්ථාන පිළිබඳ විස්තර මෙන්ම ජනශ්‍රැතිහා මිත්‍යා මත ද හෙළි කරන අතර ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතාගේ පරිවර්තන කෞශල්‍යය ද මැනැවින් පිළිබිඹු කරන්නකි.

– තිලකරත්න කුරුවිටබණ්ඩාර

Weight 480 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop