ලක්ෂි
මේ පිපෙන අලුත් සේපාලිකා මල් වගේම පරවුණ සේපාලිකාවන් සාක්ෂි දරයි මගේ මේ ආදරය…
සමහර සේපාලිකා මල් කියනවා මට ඇහෙනවා ලක්ෂි මඳ හිනාවක් මවමින් මෙන්න මෙහෙම,
” ඔයාගේ ආදරේ එයාට මේ අපි වගේ කියලා ” මහා රෑ පිපිලා
මහා පාන්දරම කඩා හැලෙනවා වගේලු මං මතක් කරා ලක්ෂි කඩා හැලෙන සේපාලිකා මල් කඩා හැලුණු පළියට පර වුණේ නෑ කියා… හරියට මගේ ආදරේ වගේ ඔයා ළඟ ප්‍රතික්ෂේප වීමේ කොතරම් වුණත් ඒ ආදරේ කඩා හැලුනත් පර වී නෑ…
මං ඔයාට අසීමාන්තිකව ආදරෙයි ආදරියේ…








Reviews
There are no reviews yet.