[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය – Waidya Willge Vishmitha Lokaya

Original price was: රු500.00.Current price is: රු450.00.

3 X Rs. 166.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce


Out of stock

  Ask a Question

ලෝක පූජිත කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයකු වූ විලියම් ස්ටූවර්ට් හල්ස්ටඩ් ගේ ඒකායන පරමාර්ථය වූයේ සැත්කම්වලට බඳුන් වන මිනිසුන් සැත්කමේ දී හා එයින් පසු විඳින මහත් වූ වේදනාව තුරන් කොට ශල්‍යකර්මය වඩාත් සුවපහසු ප්‍රතිකාරයක් ලෙස දියුණු කිරීමය. ඒ සඳහා ඔහුට අවසානයේ දී සිය ජීවිතය පරදුවට තැබීමේ ප්‍රබල අභියෝගයකට ද මුහුණ දීමට සිදු වූ නමුත් සියලු බලවේගයක් අභිබවා ඉතිහාසයේ නම සටහන් කළ යුග පුරුෂයකු බවට පත් වීමට ඔහුට හැකි විය.

නොපසුබස්නා වීර්යය හා නොසැලෙන අධිෂ්ඨානය මත සිය ජීවිතය ගොඩනැඟු වෛද්‍ය විලියම් හල්ස්ටඩ් මානව වර්ගයා වෙනුවෙන් ඉටු කළ අද්වීතීය මෙහෙවර අදත් නොමැකී පවතින්නේ, ඔහු තුළ වූ කැපවීමේ උසස් බව නිසාය. වෛද්‍ය වෘත්තියේ සාරධර්ම මුදලට විකිණී වෛද්‍යවරුන්ගේ හදවත් විද්‍යුත් මෙවලම් බවට පත් වී ඇති අද වැනි යුගයකට වෛද්‍ය විල්ගේ චරිතය අකුණු සැරයක් බඳු යැයි සිතේ. දැනුම සොයා යාමේ දීත්, එය අත්හදා බැලීමේ දීත්, ලෝකයාගේ ගරු සම්මානයට බඳුන් වෙද්දිත් එකසේ නිහතමානීව, නිවහල්ව, අදීනව, අකුටිලව සිය සේවාව ඉටු කළ මානවහිතවාදියෙකු ගේ ජීවිත කතාව සිංහල පාඨකයන් වෙත තිළිණ කිරීම පිළිබඳව අභය හේවාවසම් මහතාණන්හට අපගේ ප්‍රණාමය හිමි විය යුතුය.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා                                                                                                                                                                             ලේඛකාධිකාරි, ආයුරුවේද වෛද්‍ය සභාව.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop