[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

සර්ප උගුල – Sarpa Ugula

Original price was: රු1,650.00.Current price is: රු1,485.00.

3 X LKR 495.00 or 6% Cashback with Learn more about Mintpay (opens in a new tab)

ඩවීනා ග්ලෙන්ටයර් ඇගේ තාත්තාගේ මිනීමැරුම වෙනුවෙන් චෝදනා ලැබුවාය. වරක් ඇයට හුරු පුරුදු හා ආදරණීය වූ සියලු දේම දැන් අවිශ්වාසය හා අපකීර්තිමත් සිදුවීම්වල සෙවණැල්ලෙන් වැසී ගොස්ය. මෑතකදී සිදු වූ ඇගේ අම්මාගේ මරණයත් සමග එඩින්බග්වල ගත කළ ඇගේ ප්‍රීතිමත් තරුණ කාලය අතුරුදහන් වී ගියේය. ඇගේ තාත්තා බොහෝ වෙනස් කෙනෙක් වූ බවක් පෙන්නුවේය. නිවෙසේ නැවතී උගන්වමින් සිටි ඩවීනාගේ ආදරණීය ගුරුතුමිය නොසිතූ මොහොතක රැකියාවෙන් ඉවත් කර දැමූ වේලාවේ එම තනතුරට කෙනෙකු කවදාවත් බලාපොරොත්තු නොවෙන අන්දමේ කෙනෙකු බඳවා ගනු ලැබුණේය. රතු පැහැති කොණ්ඩයක් සහිත, ජීවයෙන් පිරුණු සිල්ලා ග්‍රේ අලුත් ගුරුතුමිය වූවාය. නිවෙසේ නතර වූ ඇය අලුත් මිසිස් ග්ලෙන්ටයර් බවට පත් වූවාය. එම අවුරුද්දේම ඩවීනාගේ තාත්තා මිය ගියේය. එයට චෝදනා ලැබුවේ ඩවීනා ය.
එම මිනීමැරුම සිදු කිරීමට ලැබුණු ඉඩකඩ, එවැනි දෙයක් කිරීම පිටුපස ඇති අරමුණ, එවැනි දෙයක් කළ හැකි මාර්ගය යන සෑම දෙයක්ම වරදකරු බවට පත් කළේ ඩවීනාවය. ස්කොට්ලන්ත අධිකරණයෙන් ලබා දෙන නොපැහැදිලි නඩු තීන්දුව, එනම් ඇගේ වරද “ඔප්පු වී නැත” යනුවෙන් පවසමින් ඇයට නිදහස ලබා දීම, ඩවීනා ඕපදූප හා ඇනුම්පදවලින් පිරුණු ජීවිතයක ගොදුරක් බවට පත් කරන්නේය.
අප්‍රිකානු යටත් විජිතයකට යෑම තරම් අතීතයෙන් බේරී පලායන්න වෙන හොඳ ව්සඳුමක් වන්නේ කවරක්ද? එහිදී ඇය එහි සිටින ධනවත් හා කඩවසම් දේශීය ව්‍යාපාරිකයකු වෙන රෝජර් ලෙස්ට්‍රේන්ජ් විශ්වාස කරන්න පටන් ගන්නීය. ඒත් සමගම ඇය අබිරහස් අන්දමින් අසනීප වෙමින් සිටින ඔහුගේ බිරිඳගේ යෙහෙළියක් බවට පත් වන්නීය. අන්තිමේදී ඩවීනාට අලුත් ජීවිතයක් අරඹන්න අවස්ථාවක් ලැබී ඇති බවක් පෙනෙන්නේය. බෝයර් යුද්ධය පටන් ගැනීමත් සමගම ඩවීනා සදහටම වැළලී ගියා කියා සිතූ රහස් නැවතත් මතු වෙන්න ඉඩක් ඇති බව දැකීමත් සමගම ඇගේ ආරක්ෂාව නැවතත් අනතුරට ලක් වන්නේය. දැන්, ඇගේ කීර්තිය පමණක් නොවේ ජීවිතය පවා අවදානමට ලක් වී ඇත්තේය.

  • Author: Koshali Sirichandra
  • Edition: 2026
  • Language: Sinhala
  • Publisher: Ashirwada Publisher
  Ask a Question

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
0
Your Cart
Your cart is emptyReturn to Shop