ආධාර දෙන විට අවශ්‍ය කුමක්දැයි ඔවුන්ගෙන් අසන්න.
මිනිසුන්ට අවශ්‍ය කුමක්දැයි ඔබ නොකියා. ඔවුන්ට අවශ්‍ය කුමක්දැයි ඔබ ඇසුවාම එයින් ඉස් මතුවෙන්නේ කරුණා දයාවයි. මා ගැන වුණත් මෙය මෙහෙමයි. මා කවදාවත් ඔබට මට අවශ්‍ය කුමක්දැයි කියන්නේ නැහැ. මා වෙනුවෙන් කළ යුත්තේ කුමක්දැයි කියන්නේ නැහැ. ඒ වෙනුවට ඔබ බලගැන්වුවාම, ඔබ එය තේරුම් ගන්නවා. මේ නිසා කිසිවෙකුට ” ඔබ කළ යුත්තේ මෙන්න මේකයි කියා කවදාවත් කියන්න එපා. බෞද්ධ සාරධර්ම වල මූලික ලක්ෂණය මෙයයි.
උදාහරණයක් වශයෙන් ගබ්සා කිරීම ගැන සිතන්න. භික්ෂුවක් හෝ මෙහෙණින් වහන්සේ කෙනෙක් හෝ වෙනත් කවුරුන් හෝ මේ වගේ දෙයකදී කාන්තාවක් කළ යුත්තේ කුමක්දැයි නොකිය යුතුයි. එහෙම නැත්නම් ඇය වරදක් කර ඇතැයි ඇයට දොස් නොපැවරිය යුතුයි. නරක ළමිස්සි. උඹ කරපු අපරාධය නිසා උඹ අපායට යාවි. උඹ පුච්චන්න වටිනවා ” කියමින් නින්දා කිරීම. බිය වැද්දීම වැරදියි.