කිසිවෙකු හෝ සර්ව නිර්දෝෂී නැහැ
මේ විදිහට මනුස්සයෙක් අතින් වැරදි සිදු වුණාම. ඒ මඟින් අපට ජීවයක් ලැබෙනවා. අපි වැරැදීම් බෙදා හදාගෙන, සතුටෙන් ජීවත් වෙනවා. කිසිවෙකු නිර්දෝෂි විය යුතු නැහැ. සෑම විටම මා නිවැරැදි විය යුතු නැහැ. ඒ නිසා මා අතින් වුණත් වැරදීම් සිදුවෙන්න ඉඩ තිබෙනවා. සෑමවිටම ඔබ නිවැරැදි විය යුතු නම් ඔබ ජිවිතයෙන් පාඩම් ඉගෙන ගන්නේ කොහොමද ? ඔබ සර්ව නිර්දෝෂී නම් ඔබ තුළ වර්ධනයක් සිදුවෙන්නේ කොහොමද ? එවිට ඔබේ ආධ්‍යාත්මික ජීවිතයේ හිදැසක් තිබෙනවා. එවිට ඔබට ඉගෙන ගැනීමෙන් වර්ධනයක් ලැබීමට ඉඩ ප්‍රස්ථා නොලැබී යනවා. එසේ වන්නේ ඔබ සර්ව නිර්දෝෂී වූ විටයි. ඔබට එසේ වන්නට අවශ්‍යද? එසේ වී නම් ඔබ මළකඳක් පමණයි! ආධ්‍යාත්මික වශයෙන් මළකඳක් පමණයි. මේ නිසා අප සැමවිටම නිවැරැදි විය යුතු නැහැ.
Reviews
There are no reviews yet.