හය මාසයක් කුටියක තනිව සිටි අත්දැකීම
මෙහිදී මට ඔබට මගේ තවත් අත්දැකීමක් කියන්නම් භය මාසයක්, මම කිසිවෙකු නොදැක කිසිවෙකු සමඟ කතා නොකර මගේ කුටියට වී වස් කාලය ගත කළා. මේ කාලය තුළ මා කිසිවෙකු මගේ ඇස් දෙකෙන් දැක්කෙ නැහැ. කිසිම දේශනයක් පැවැත්වූයේ නැහැ. මේ හය මාසය තුළ කිසිවෙකු වෙනුවෙන් කිසිම දෙයක් කළේ නැහැ. මා, මා සමඟ විශිෂ්ට කාලයක් ගත කළා. මේ පිළිබඳ ඕස්ට්‍රේලියානු පුවත්පතක ලිපියක් ද පළකර තිබුණා. ලිපියේ මාතෘකාව වූයේ කිසිවක් නොකළ භික්ෂුව ” යන්නයි. හය මාසයක් කිසිවක් නොකර සිටි මා ගැන පත්තරේට ලියා පළ කිරීම කදිම නේද? ඒ තරම් දිග කාලයක් කිසිවක් නොකර. මට මා සමඟ සතුටන් සිටීමට හැකිවීම ගැන මා මහත් සතුටෙන් පසුවෙනවා. කිසිවක් නොකර සිටීම සතුටු වීමේ තවත් රහසක්.









