දුක් කරදර කියා කියන්නේ අපට පාඩම් කියාදෙන අපේම ගුරුවරු ජීවත්වන කවරෙකුට වුවත් සැප මෙන්ම දුකද අනුභව කරන්නට සිදුවේ. දුක් ගැහැට, නැති බැරිකම්, ලෙඩදුක් වැනි දුක් වේදනාවන්ට මුහුණ දෙන විට කුකුල් කොටුවට ගොස් බිත්තර වෙනුවට කුකුල් බෙට් සාක්කුවේ දමාගෙන ආ මෝඩ කුකුල්පට්ටි කාරයා මෙන් දුක් ගැහැට කරපින්නාගෙන, මැසිවිලි කියමින් කංකෙඳිරි ගානවා වෙනුවට කළ යුත්තේ ජීවිතයේ ජයග්‍රහණයන්. සාර්ථක වීම් පමණක් මතකයේ තබාගෙන ජීවන ගමනේ යෑමයි. නොඑසේ නම් හොඳද නරකද කවුද දන්නේ යැයි කිව් වෛද්‍යවරයා මෙන් අවිනිශ්චිත අනාගතය ගැන නොසිතා ධෛර්යයෙන් හා සතුටෙන් ජීවත්වීමයි. Dealing with unhappiness & worries මැයෙන් අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ පැවැත්වූ දේශනයේදී ජිවිතයේ දුක් ගැහැට උපමා කර ඇත්තේ මදුරුවන් ලෙසටය. අපට පාඩම් කියා දෙන අපේම ගුරුවරුන් ලෙසය. ජීවිතය රසවත් වූ විට තලුමරමින් රස විඳින, දුක් කරදර ඇති වූ විට මැසිවිලි කියමින් කංකෙඳිරි ගාන, කවරෙකුට වුවත් උන්වහන්සේගේ මේ දේශනයෙන් උගත හැකි පාඩම් බොහෝය.
| Weight | 200 g |
|---|
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.








