ළමයෙකුගේ ජීවිත අත්දැකීම්
ඔහු අවුරුදු 17 ක් විතර වයසැති ළමයෙක්. ඔහු ආවේ කොහෙන්දැයි ඔහු කියා සිටියා. ළමා වියේදී දෙමාපියන්ගේ අවකල් ක්‍රියා නිසා පීඩාවට පත් වූ ළමයෙක්. මහ මඟට බහිනවා හැරෙන්න ඔහුට කරන්න දෙයක් ඉතුරු වී තිබුණේ නැහැ. ඔහු මෙසේ අසරණ වී සිටියදී මේ කාන්තාව ඔහු හමුවන්නට පැමිණියා. ඇය ඔහු ගැන සැලකිල්ලක් දැක්වූවා. “වැදගත්ම තැනැත්තා මා ඉදිරියේ සිටින ඔබයි” සිතාගෙන ඇය ඔහුට මහත් සැලකිල්ලක් දැක්වූවා. මේ නිසා ඔහුගේ අවශ්‍යතාවයන් ඉටුකර දෙන මේ පාසලට ඔහුත් එක්කාසු වුණා. ඔහුගේ කතාව අසාගෙන සිටින විට ඇස් වලට කඳුළු ගැලුවා. තමා ඊළඟ අවුරුද්දෙ විශ්ව විද්‍යාලයට ඇතුලු වීමට සූදානමින් සිටින විත්තිය ඔහු කිව්වා. මේ විදිහට විනාශ මුඛයට පත්වී සිටි දරුවෙක්, මේ වැඩ සටහන නිසා නැවත ඉපදුනා වගේ. සුභදායක ජීවිතයකට යොමු වුණා.