[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

සොෆීගේ ලෝකය – Sophie’s World

Original price was: රු1,800.00.Current price is: රු1,620.00.

3 X Rs. 600.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

Out of stock

  Ask a Question

දර්ශනය ගැන ලියැවුන නවකාතාවක් ලෙස තමා මේ පොත ලෝක සාහිත්‍යයේ හැඳින්වෙන්නේ.දර්ශනයේ ආරම්භයේ සිට මේ වනතෙක් වර්ධනය මෙහි එක සීරුවට දක්වා තිබෙනවා.

සොෆී ආමන්ඩ්සන් 14 හැවිරිදි දැරියක්.ඇයට හදිසියේ දිනක් නොදන්නා කෙනෙකුගෙන් ලිපි දෙකක් ලැබෙනවා..
“ඔබ කවුද?”[who are you?]
“ලෝකය ආවේ කොහෙන්ද?”[where does the world come from?]

මේ ලිපි වලින් ඇරඹෙන දර්ශනය පිළිබඳ පාඨමාලාව [ඇයට ලිපි එවන ඇල්බෙර්ටෝ නොක්ස් නම් දාර්ශනිකයා කියන්නේ ඒ විදිහට] ඇයව වසර 3000ක් අතීතයට රැගෙන යනවා. සොක්‍රටීස්,ප්ලේටෝ,ඇරිස්ටෝටල් ගෙන් ආරම්භ වෙන දර්ශනවාදය කලින් කලට ඔප මට්ටම් වෙමින් ගලා එන අන්දම ඔහු ලිපි මගින් විස්තර කරනවා.

මේ මුළු විශ්වයම සුදු ලොම් පිරිච්ච හාවෙක්ට සමාන කලොත් මිනිසුන් තමා ඒ හාවා මත ජීවත් වෙන කුඩා ප්‍රාණීන්. මිනිස්සු ගොඩාක් වෙලාවට කැමති ඒ ලොම් ඇතුලට ඇතුලටම වෙලා උණුහුමට සනීපයට හරි බරි ගැහිලා ඉන්න.ඒත් මේ අතරේ ඉන්නවා සුදු හාවාගේ ඇස් දිහා කෙලින් බලන්න හිතාගෙන ලොම් දිගේ උඩට නගින කට්ටියත්..එයාලා තමයි දාර්ශනිකයෝ..එයාලා තමා ලෝකයේ සැබෑ ස්වරූපය දකින්න උත්සහ කරන අය. ඔය විදිහට තමා යුස්ටයින් ගෝඩර් මේ පොතේ දාර්ශනියකයන්ව හඳුන්වලා දෙන්නේ.

මේ පොතේ පිටපත් මිලියන ගණනක් ලොව පුරා අලෙවි වෙලා තියෙනවා. මේක නවකතාවක් විදිහට විතරක් ම නෙවෙයි දර්ශනය පිළිබඳව හදාරන අයගේ පාඨ ග්‍රන්ථයක් විදිහටත් මේ පොත නිර්දේශ වෙලා තියෙනවා.

“සොෆීගේ ලෝකය” පොත අපි ගොඩ දෙනෙක් කියවලා පුරුදු ශෛලීයේ කතාවක් රැගත් පොතක් නෙවෙයි.සත්තකින් ම එක හුස්මට කියවලා ඉවර කරන්න පුළුවන් පොතක් නෙවෙයි. [මමත් තාම කියවනවා] ඊට හේතු කිහිපයක්ම තියෙනවා.

එකක් තමා මේ කතාව හැමකෙනෙක්ටම එතරම් පුරුදු නැති මාතෘකාවක් යටතේ, එනම් දර්ශනවාදය යටතේ ගලාගෙන යාම. අනිත් කාරණාව වසර 3000ක් පැරණි අතීතය යලිත් ලියැවෙන විට එහි අඩංගු බටහිර නම්, ඒ ඉගැන්වීම් අපට නුහුරු වීම.අනිත් කාරණාව නම් එක ජේදයක් අවසානයේ හිතන්න දාහක් දේ මනසට ලැබීම. එමෙන් ම විටෙක නියම අදහස ලබාගන්නට එකම ජේදය දෙවරක් කියවන්නට වීම.

නමුත් ඒ සියල්ල පසෙකට දැමූ විට පොත කියවීම වටීය. අප ජීවිතය ගැන නොහිතන නොදකින පැතිකඩයන් විවර කරදීමට මේ පොත සමත්ය.

ඔබ සමහර විට දර්ශනවාදය එතරම් ප්‍රිය නොකරන අයෙක් විය හැකිය. නමුත් මේ පොත කිය වූ පසු ඔබේ ඒ අදහස වෙනස් වීමට ඉඩ ඇත.කුතුහලය ඔබ වෙලා ගන්නා සේ එමෙන් ම ඉතා ම සරල ආකාරයෙන් බටහිර දර්ශනය ඔබ ඉදිරියේ සිනමා පටයක් සේ දිග ඇරීමට ලේඛකයා සමත්ය.

පෝස්ටුව අවසන් කීරිමට ලේඛකයා ගැන සඳහන් කිරීමට කැමැත්තේමි.යුස්ටයින් ගෝඩර් [Jostein Gaarder] පූර්ණ කාලීන ලේඛන කටයුතු වල යෙදෙන සාහිත්‍යධරයෙකි.ඔස්ලෝ විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකු වන ඔහු කලක් දර්ශනවාදය ගුරුවරයෙකුව කටයුතු කර ඇත.
මේ පොත රාණි සේනාරත්න රාජපක්ෂ විසින් සිංහලට පරිවර්තනය කර තිබේ.

“ලියුම් පෙට්ටියෙ තිබුණෙ එකම ලියුමයි- ඒක සොෆීට.සුදු පාට ලියුම් කවරේ ලියලා තිබුණා – “සොෆී ආමන්ඩ්සන්, අංක 3, ක්ලෝවර් ක්ලෝස්.” ඔච්චරයි. ඒක කාගෙන්ද කියලා නැ. මුද්දරේකුත් නෑ..
සොෆී ඇතුළට ඇවිත් ගේට්ටුව වහපු ගමන් ම ලියුම් කවරය ඇරියා.ඒකේ තිබුණේ ලියුම් කවරයට වැඩිය ලොකු නැති කඩදාසි කෑල්ලක් විතරයි.ඒකේ තිබුණේ:
“ඔබ කවුද?”
වෙන මුකුත් ම නෑ..ඒ වචන දෙක විතරයි,අතින් ලියලා අග්ගිස්සට විශාල ප්‍රශ්නාර්ථ ලකුණක් දාලා.
ඇය ආයෙමත් ලියුම් කවරය දිහා බැලුවා.ලියුම නං සැකයක් නැතුවම ඇයටම තමා.ඒක තැපැල් පෙට්ටියට දාන්න ඇත්තේ කවුද?”

~Sophie’s World by Jostein Gaarder~
[සොෆීගේ ලෝකය පරිවර්තනය රාණි සේනාරත්න රාජපක්ෂ]

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop