ඒ 1963 වර්ෂයයි. ස්ථානය… ජර්මනියේ හැම්බර්ග් නුවර… මහළු යුදෙව් ජාතිකයෙක් දිවි නසා ගනියි. ඔහු ළඟ තිබූ දිනපොතක් පීටර් මිලර් නම් පුවත්පත් කලාවේදියකු අතට පත් වෙයි. දිනපොතෙන් හෙළිදරව් වනුයේ යුද සමයේ රිගා සහ ලැට්වියා හි ඝාතන කඳවුරුවල අණදෙන නිලධාරීයා වූ හිට්ලර් ගේ හමුදාවේ කපිතාන් එඩ්වඩ් රොමොන් විසින් සිදුකරන ලද කෲර, අති බිහිසුණු, අමානුෂික වධ හිංසා සහ සමූහ ඝාතන පිළිබඳ සත්‍ය තොරතුරු යි. මිනීමරු රොල්ට්ස්මාන් සෙවීමේ අති පෞද්ගලික වෑයමක් අරඹන පීටර් මිලර් තම පරීක්‍ෂණ තුළින් ODESSA හි කේන්ද්‍රස්ථානයට යොමු වෙයි. 0DESSA වූ කළි යුද්ධයෙන් පසු පළා ගිය මිනීමරුවන් ගේ ආරක්‍ෂාව හා පැවැත්ම සඳහා හමුදාව මගින් ස්ථාපිත කරන ලද අති ප්‍රබල රහස් සංවිධානයකි.
රොල්ට්ස්මාන් හමු වූ මිලර්ට දැනගන්නට ලැබෙන්නේ..
FREDERICK FORSYTH ගේ THE DAY OF THE JACKAL නවකථාව අභය හේවාවසම් මහතා අතින් සිංහලයට නැගී වෘකයාගේ දවස නමින් 1998 දී ප්‍රකාශයට පත් විය. FORSYTH ගේ තවත් සුප්‍රකට නවකථාවක් වූ THE ODESSA FILE ද හේවාවසම් මහතා විසින් පරිවර්තනය කරන ලදුව මෙසේ පළ වෙයි.
Reviews
There are no reviews yet.