අනන්තවත් තිබුණා ඒ ඇස් ගැටුණු තැන්… මතක් කර කරම හිතින් පෑ ලංගතුකම්…
සිහිනවල පවා රැඳුනු හින්දි ගීවල රැඟුම්… නුඹ හිටියේ ඒ තරම් ලඟින්, ඒත් සෑහෙන දුරින්…
ඉතිං මට කුමට මේ තරම්ම සරදම්… පාවෙන වළාකුලක වත් නැති අවිනිශ්චිතකම්…
ඕවා හිතේම තිබුණාදෙන් මොකටද සිත් රිදුම්… ප්‍රේමය ලස්සනම නොකියාම ඉන්නකං..