මලක රොන්සුණු ඇහැරෙන විට හේතු නොවීමසා ඇලුම් කිරීම වසන්නයට අයිති විය හැකිය. එහෙත් කිව්වරම හිමි කිවිදියකට එසේ කළ නොහැකිය. කවිකමේ විකුමැස සොබාදහමේ අපූර්වත්වය ප්‍රශ්න කරයි. එයින් ජනිත කවිකුසුම් නෑඹුල් මිහිරියාවෙන් සහ්ර්ද සිත්ආලෝලනය කරයි. ජීවන ලාලසාව වීදීමට ඇරයුම් කරයි.
දිගැසි පබසරා අමරසිංහ කීවී දියගේ ‘නුඹ ව පමණක් සොයමි’ කාව්‍ය ගෙන්නම් පිනිවතළ අලූත්මක ඇහැරුණු මල් කැකුළු සේ සහ්ර්ද සිත්හි සුපිෂ්පිත වෙයි. ඒ පැහැදුල් කවි ඇමතුම් යාදී ගුණයෙන් පොහොසත්ය