“……. චූටි පුතේ ඔය දේවානම් පියතිස්ස රජතුමාගේ කාලේ මීගස් කැපුවොත් මරණ දණ්ඩනෙ ලැබුණා. පස්සෙ ඉතිං ඔය සුද්දෝ 1833 කෝල්බෲක් ප්රතිසංස්කරණවලින් පස්සෙ අපේ ම මිනිස්සු ලවා මීගස් කප්පවලා ඒ වට අවසරත් දීලා තියෙනවා.”
කිරි අම්මා කියවාගෙන යයි.
“ඔය මී මල් පිපෙන කාලෙටයි, ගෙඩි හැදෙන කාලෙටයි වවුලන්ට රජමඟුල් වගේ. චූටි පුතේ ඔය වවුලො වැඩි හරියක් ඉන්නෙත් ඔය මීගස්වලනෙ”
“….. ඔය එක මී ගහකින් කුඹුරු අක්කරේකට පොහොර ගන්න පුළුවන්, චූටි පුතා දන්නව ද? මේ මී ගහට කියන නම?”
” නෑනෙ කිරි අම්මේ “
“ඕකට කියන්නේ ‘ජාතියේ පොහොර ගස’ කියලා. විශ්ව විද්යාල වල හිටියට මේවත් ජීවිතේට වැදගත් වෙන දේවල් චූටි මහත්තයෝ ”