The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

ඉන්ද්‍රනීල මාණික්‍ය

රු890.00

  • Author: Chandana Mendis/චන්දන මෙන්ඩිස්
  • Edition: 8th Edition 2021
  • Language: Sinhala
  • Publisher: Sankha Publishers/සංඛ ප්‍රකාශකයෝ
  Ask a Question

“ඔබට ශුභ නත්තලක් සහ ප්‍රීතිමත් නව වසරක් වේවා ෂර්ලොක් හෝම්ස් මහත්මයා!”

“නත්තල් උත්සවය පසුවී දෙවැනි දිනයේ බේකර් වීථියේ අපේ නිවහනට ගොඩවැදී, මගේ මිත්‍ර ෂර්ලොක් හෝස්ට, මම් ආශිංසන පිරිනැමුවෙමි.”

“දම් පැහැති පිට කබායකින් සැරසී සිටි මගේ මිත්‍රයා, සෝපාවේ වැතිර සිටියේය. ඔහුගේ දකුණු පැත්තේ, අතේ දුරින් තිබුණේ දුම්බීමට යොදාගත් පයිප්ප අඩංගු රාක්කයයි. කොළ ගැළැව් වෙන්වු පොඩි වූ පුවත්පත් කිහිපයක්, අසලින්ම බිම දමා තිබිණි. සෝපාවට නුදුරින් වූ ලී පුටුවක එල්ලා තිබුණේ, කිළිටි වූ කළු පැහැති හිස්වැස්මකි. සවිමත් පෙල්ට රෙද්දෙන් තනා තිබු එහි, තැන් කිහිපයක්ම පළුදු වී ඇති අයුරු මම දුටුවෙමි. බොහෝ කාලයක් තිස්සේ පාවිච්චි කොට ගෙවී යාම නිසා, එයට ලැබී තිබුණේ අවලක්ෂණ පෙනුමකි. පුටුව මත, කුඩා දේ අල්ලන අඩුවක් |ද උත්තල කාචය ද විය. හිස්වැස්ම හෝම්ස්ගේ පරීක්ෂාවට ලක්වෙමින් තිබූ බව එයින් මම වටහා ගතිමි.”

“ඔබ පරීක්ෂණයක යෙදිල වගෙයි. මගේ පැමිණීමෙන් ඔබට බාධා වෙනවා නේද ?”

“කිසි ප්‍රශ්නයක් නෑ වොට්සන්. පරීක්ෂණයෙන් මා හොයාගත් කරුණු ගැන සාකච්ඡා කරන්න, මිතුරෙක් ඉන්න එක කොයි තරම් සතුටක්ද? මේක බොහොම සුළු කාරණයක්. ඒ වුණත් සිත් ඇදගන්නා ලක්ෂණ සහ උගත යුතු කරුණු කිහිපයක් මේකෙ නැත්තෙම නෑ.”

“හෝමස් පැවසුවේ හිස් වැස්ම දෙසට ඇඟිල්ල දිගු කරමිනි.”

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy